අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 13කට බලපෑම් එල්ල වි තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවුල් 12,478කට අයත් ...
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 13කට බලපෑම් එල්ල වි තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවුල් 12,478කට අයත් පුද්ගලයින් 48,918 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව සිටින බවයි.
කළුතර, කොළඹ, ගාල්ල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වැඩි බලපෑම් එල්ල වී තිබේ.
මේ වන විට පුද්ගලයින් නව දෙනෙකු මියගොස් ඇති අතර එක් පුද්ගලයෙකු අතුරුදන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
මේ අතර කළුතර, ගාල්ල, බදුල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක 4ට පනවා ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.
පවතින ආපදා තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා මෙම අදහස් පළ කළේය.
අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමක් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලවාන, අයගම යන ප්‍රදේශ සඳහා මෙම නාය යෑමේ නිවේදනය නිකුත් කර තිබේ.
මෙම ප්‍රදේශවල සිටින ජනතාව මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙස ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.
නායයෑමේ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් කිතුත්කළ නිවේදනය පහතින් දැක්වෙයි.
COMMENTS