දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දරුවන් පාසල් නොයවන දෙමව්පියන්ට වැඩ වරදින ළකුණු
Homeප්‍රවෘත්ති

දරුවන් පාසල් නොයවන දෙමව්පියන්ට වැඩ වරදින ළකුණු

PropellerAds

1 වසරේ සිට 13 වසර දක්වා පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරිමට හා දරුවන් පාසල් යැවුවේ නැත්නම් දෙමාපියන්ට එරෙහිව නඩු පැවරීමට ඉදිරියේදී රජය කටයුතු...

අරණායක හිමිවරු දෙදෙනෙකුට නාදුනන පුද්ගලයෙකු පිහියෙන් අනියි
පුංචි ඡන්දේ දෙවන අදියරේ නාම යෝජනා බාර ගැනීම අද සිට
මෛත්‍රීගෙන් පුටින්ට විශේෂ ලිපියක් - තේ ගැටළුව විසඳන්න ඇමැතිවරු තිදෙනෙකු රුසියාවට
දරුවන් පාසල් නොයවන දෙමව්පියන්ට වැඩ වරදින ළකුණු
1 වසරේ සිට 13 වසර දක්වා පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරිමට හා දරුවන් පාසල් යැවුවේ නැත්නම් දෙමාපියන්ට එරෙහිව නඩු පැවරීමට ඉදිරියේදී රජය කටයුතු කරන බව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩි දියුණු කිරීමේ ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන් මිලියන 19 ක් වියදම් කරමින් ඉදි කළ ඇඹිලිපිටිය ගල් අමුණ ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සදහන් කළාය.
එහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.
“පාසැල් අධ්‍යාපනය එකේ ඉදන් 13 වෙනකන් අනිවාර්ය කරලා තියෙනවා.මං හිතන්නේ එන අවුරුද්ද වෙයි ද ඊලග අවුරුද්ද වෙයි ද දන්නේ නැහැ කොහොම හරි දරුවන් පාසල් යැවුවේ නැත්නම් දෙමව්පියන්ට නඩු පැවරීමේ අයිතිය අපිට තියෙනවා.දරුවා ගෙදර තියන් ඉන්නනවැයි කියලා ඒ මොකටද කරන්නේ අපි රටක් හැටියට අවුරුදු 70 ක් විතර ආපස්සට ගිහිං තියෙන්නේ අපි හදනවා ඒ ගොල්ලෝ ඇවිත් විනාශ කරනවා .ඒක තමයි ඉතිහාසයේ හැමදාම වුණේ අද කවුරුත් කවුරුත් කථා කරන්නේ නැහැ සෞඛ්‍ය ඇමතිතුමා කොච්චර බෙහෙත්වල මිල අඩු කරානේ කියලා කට ඇරියොත් කියන්නේ මහින්ද මහත්තයාට පිං සිද්ධ වෙන්න ශාසනේ ආරක්ෂා වුණා .ශාසනයේ ආරක්ෂා කරන්න එයා ඕන නැහැ මේක නිකන්ම රැකිලා තිබුණා. අවුරුදු 2500 ක් අර ස්වාමීන් වහන්සේලා අපේ සෝභිත හාමුදුරුවෝ වගේ මහා ස්වාමීන් වහන්සේලාගේ නායකත්වය මේ රටට තියෙනවා. අපි දන්නවා තියෙන ස්වාමීන් වහන්සේලාට දෙනවා බදු රහිත වාහන පර්මිට්.අනේ ඉතිං හාමුදුරුවෝ පන්සලේ ඉඩම ටිකක් වැඩි කර ගෙන වළාකුළු බැම්ම බැද ගන්නවා අපි ඒ හාමුදුරුවරුත් දන්නවා.”
“මම හොද බෞද්ධයෙක් මම ඕන වෙලාවක ඒක අපේ ස්වාමීන් වහන්සේත් දන්නවා අපි මේවා අත අරින්න ඕන වෙලාවක සුදානම් ඒකයි අපි නියම බෞද්ධයෝ කියන්නේ .හැබැයි කිසි කෙනෙක් කල්පනා කරේ නෑ අපි කෙහොම ද දුප්පත් මනුස්සයට උදවු කරන්නේ කියලා .මධ්‍යම සංස්කෘතික අරමුදලේ ශතයක්වත් රටේ සල්ලි නැහැ.ඒකේ ඔක්කොම තියෙන්නේ සීගිරිය පොලොන්නරුව දඹුල්ල බලන්න එන .පුරා විද්‍යා ස්ථාන නරඹන කොට කඩන ඩොලර් වලින් විදේශිකයින් ගෙවන මුදල් තමයි ඒකේ තියෙන්නේ එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානයේ අරමුදල් තමයි ඒකේ තියෙන්නේ .රටේ මිනිස්සුන්ගේ සල්ලි නැහැ.විශාල ප්‍රමාණයක් කට්ටිය ඒකෙන් තමයි ගොඩාක් දේවල් කරේ.හැබැයි අපේ අගමැතිතුමාට පුළුවන් වුණා ජනාධිපතිතුමා ජනාධිපති අරමුදලෙන් දුෂ්කර පන්සල් වලට උදවු කරන කොට අපේ අගමැති තුමාට පුළුවන් වුණා මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් මේ පළවෙනි අවුරුදු තුනට විතරක් පන්සල් 1500 කට ආසන්න ප්‍රමාණයකට උදවු කරන්න.අපි මේ වැඩ කරන්නේ කිසි දෙයක් අරන් යන්න නෙමේ.අපේ හාමුදුරුවෝ කිවුවනේ ඇත්ගාල වැව කොහොම ද අපේ අයියා හැදුවේ කියලා.අපි වැඩ කරනවා වැඩ කරන්න එපා කියලා ඔය ගොල්ලෝ ගෙදර ඉන්න මීට වඩා හොද කට්ටියක් ඇවිල්ලා වැඩක් කරනවා කිවුවොත් අපි තියලා ගෙදර යනවා.පක්ෂ දේහපාලනය නෙමෙයි ජලය ටිකක් ලැබෙනවැයි කියන්නේ අපි මේ කටයුතු කරන කොට අපි හැම තිස්සේම බලන්නේ මෙතන ඉන්නවා ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් තුන් හතර දෙනෙක්ම ඒ අයගෙන් අහන්න පුළුවන් ඒගොල්ලන්ට එදාට වඩා මෙතන රාජකාරී කරන්න පුළුවන් ද කියලා කිසිම රජයේ නිලධාරියෙකුට අපි බලපෑම් කරන්න අපි සුදානම් නැහැ. අපිට කරන්න තියෙන හැම දෙයක්ම අපේ රටේ දුප්පත්කම නැති කරන්න රටේ ජනතාව වෙනුවෙන් ජනතාව නගා සිටුවන්න ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ හා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් කරනවා කියන එක ප්‍රකාශ කරනවා.” යැයි ද අමාත්‍යවරිය සදහන් කළාය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දරුවන් පාසල් නොයවන දෙමව්පියන්ට වැඩ වරදින ළකුණු
දරුවන් පාසල් නොයවන දෙමව්පියන්ට වැඩ වරදින ළකුණු
http://am.lk/media/k2/items/cache/a626365c8dda3270e6cadd81e5c975b2_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_93.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_93.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy