ඉන්දීයාව මාව මරන්න හදනවා - ජනපති කියයි - දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7

Breaking

Home Top Ad

Post Top Ad

Wednesday, October 17, 2018

ඉන්දීයාව මාව මරන්න හදනවා - ජනපති කියයි



ඉන්දීය රෝ ඔත්තු සේවය ශ්‍රී ලංකා තමන්ව ඝාතනය කිරීම සදහා කුමන්ත්‍රණයක නියැලෙමින් සිටින බව  ජනාධිපති සිරිසේන විසින් සිය කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇතැයි ඉන්දියාවේ ප්‍රමුඛතම ජාතික පුවත්පත වන "ද හින්දු" පුවත්පත වාර්තා කර තිබෙනවා.

ඊයේ(16) රාත්‍රියේ "ද හින්දු" පුවත්පතේ නිල වෙබ් අඩවියේ මාධ්‍යවේදිනී මීරා ශ්‍රී නිවාසන් මහත්මිය විසින් වාර්තා කරන ලද මෙම පුවත පළ කර ඇති අතර මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වෙමින් තිබෙන බවටද වාර්තා පලවනවා. 

පසුගිය දිනවල මෙරට දැඩි ලෙස කතාබහට ලක්වූ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ඉන්දීය රහස් ඔත්තු සේවයේ ක්‍රියාන්විතයක් බවට ජනාධිපතිවරයා චෝදනා කර ඇතැයි ද ද හින්දු පුවත්පත පෙන්වා දෙනවා. 

නමුත් මෙම මෙහෙයුම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදි මහතා දැනුවත්ව නැතුව ඇතැයි තමන් විශ්වාස කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි ද හින්දු වාර්තා වේ සඳහන්. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර මේ සතියේදී විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව ඇති අතර ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ ඒ හමුව පිළිබඳව දෙපාර්ශවයේම විශේෂ අවධානයක් යොමුව ඇතැයිද වාර්තා වනවා.

No comments:

Post a Comment

Post Bottom Ad