ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස...
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට තීරණය කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සතු මන්ත්‍රීවරුන් 7 දෙනාගේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට අද (27) උදෑසන පැවති සාකච්ඡාවකින් අනතුරුව තීරණය කර තිබේ.
ඊයේ (26) පස්වරුවේ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමත් සමඟ අග්‍රාමාත්‍යධූරය සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයක් හට ගෙන තිබේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය ජාතික සංවිධායක ෆයිසල් කාසීම් මහතා මෙම අදහස් පළ කළේය.
ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාගේ සහය නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම් මහතා මේ බව තහවුරු කළේය.
COMMENTS