දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘මටත් සිහින තියෙනවා.. පක්‍ෂයේ අනාගය සජිත් හැසිරීම මත තීරණය වේවි’- ටෙලිපෝනය පුපුරවමින් චම්පික මාධ්‍ය හමුවක
Homeප්‍රවෘත්ති

‘මටත් සිහින තියෙනවා.. පක්‍ෂයේ අනාගය සජිත් හැසිරීම මත තීරණය වේවි’- ටෙලිපෝනය පුපුරවමින් චම්පික මාධ්‍ය හමුවක

PropellerAds

සමගි ජනබලවේගයේ අනාගතය සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම සහ තවත් කාරණා මත තීරණය වනු ඇතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහ...

18 ඉක්මවූ සියළුම පුද්ගලයන්ට හමුදා පුහුණුව - යෝජනාව පාර්ලිමේන්තුවට !
ගෝටාබයට බලේ නැති කොට මොළේ තිබුණා – අක්මීමන දයාරතන හිමි
මාලිගාවේ කොරෝනා පොකුර 21ට නගී
සමගි ජනබලවේගයේ අනාගතය සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම සහ තවත් කාරණා මත තීරණය වනු ඇතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. සමගි ජනබලවේගය තුළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේදැයි, ඊයේ (09) කොළම පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ තමා කිසිවෙකුට මඩ ගසන දේශපාලනයක නිරත නොවන බවය.

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කර රනිල් වික්‍රමසිංහ මහතාට එය ලබාදීමේ ක්‍රමන්ත්‍රණයක් සමගි ජනබලවේගය තුළ ක්‍රියාත්මක වූ බවට ජාතික පුවත්පතක් සහ සමාජ මාධ්‍ය හරහා ඊයේ වාර්තා වී තිබුණි.

එම කුමන්ත්‍රණය මෙහෙයවූ බවට චෝදනා එල්ල වී තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද එම චෝදනාවලට මෙලෙස ප්‍රතිචාර දැක්විය.

“සජිත් ප්‍රේමදාසව විපක්ෂ නායක පුටුවේ, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් පසුව විපක්ෂ නායක කරන්න ඕනේ කියන එක්සත් ජාතික පක්ෂ තීරණය කරලා තියෙන වෙලාවේ මමයි යෝජනා කරලා ඒ ලිපිය අත්සන් කරලා එතුමාව විපක්ෂ නායක කළේ. අපි කිසිම කෙනෙක් ට යටින් මඩ ගහන වැඩ කරන්නේ නෑ. අපි විවේචනයක් තියෙනවා නම් කෙලින් කියනවා. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු එනවද නැද්ද කියලා මම දන්නේ නෑ. 2019 එතුමාට කතා කරාට පස්සේ මම එතුමාට කථා කරලා නෑ.“

ඔබ තුමා සිහින දකිනවා කියලා කතාවක් තියෙනවා නේද ?

“මම සිහින දකිනවා මේ රටේ පවුල් වාදයට උරුම වෙලා තියෙන මේ දේශපාලනය මේ රටේ නිපුණතාවය මත හැකියාව තියෙන පරම්පරාවට උරුම කර ගැනීම සඳහා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා මේ රටේ පරම්පරික ප්‍රභූ පන්තියේ නෂ්ටාවශේෂයක්. ඒ නිසා ඒ ප්‍රභූ පන්තියට විරුද්ධව තමයි අපි මේ කටයුතු කරන්නේ.“

සජිත් එක්ක ඉදලා ඔබ තුමාට ඒක කරන්න පුළුවන් වෙයි ද?

“මෙහෙමයි අපි අවස්ථානුකූලව ඒ වෙලාවේ තිබුණ හොඳම විකල්පය 2019 දී සජිත් ප්‍රේමදාස මහත්තයා. අපි ඒ හින්දා ඒ කටයුතු කළා. ඉදිරි අනාගතයේ දී සමගි ජන බලවේගය එතුමාගේ හැසිරීම හා අනෙකුත් කාරණා මත තීරණය කරයි.“

ඊළඟපාර වෙනසක් වෙන්නත් පුළුවන් ද?

“අපි දන්නේ නෑ නේ. මට කියන්නත් බෑ වෙන කෙනෙක්ට කියන්නත් බෑ. “

– adaderana


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29340,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘මටත් සිහින තියෙනවා.. පක්‍ෂයේ අනාගය සජිත් හැසිරීම මත තීරණය වේවි’- ටෙලිපෝනය පුපුරවමින් චම්පික මාධ්‍ය හමුවක
‘මටත් සිහින තියෙනවා.. පක්‍ෂයේ අනාගය සජිත් හැසිරීම මත තීරණය වේවි’- ටෙලිපෝනය පුපුරවමින් චම්පික මාධ්‍ය හමුවක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiNjOY3TtzUrifjFYkiMHcZ1dvkEilmgYVhauXUwuZgdJFoBUwBtBKs0YJ97vPnVdD7M8O70o2t9Zcc5lc54XlT8PLClqWdfbY1q5_pfrKB02mDiqlRHaL59X8IAvraUUieNThnuO_Fcys/s320/champika-ranawaka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiNjOY3TtzUrifjFYkiMHcZ1dvkEilmgYVhauXUwuZgdJFoBUwBtBKs0YJ97vPnVdD7M8O70o2t9Zcc5lc54XlT8PLClqWdfbY1q5_pfrKB02mDiqlRHaL59X8IAvraUUieNThnuO_Fcys/s72-c/champika-ranawaka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_402.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_402.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy