මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කටයුතු රැසක් සිදුකර ඇති නමුත් ඒ කිසිදු වාර්තාවක් තමන් අතට පත්ව නොමැති බවත් සිය ස...
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කටයුතු රැසක් සිදුකර ඇති නමුත් ඒ කිසිදු වාර්තාවක් තමන් අතට පත්ව නොමැති බවත් සිය ස්වාමිපුරුෂයා ඇතුරුදන් කරවීම පිළිබඳව යුද හමුදාව කරන ලද විමර්ශනවල වාර්තා සැඟවිය හැකි පිරිස් යුද හමුදාවේ සිටින බවත් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඊයේ (10) මහනුවරදී සඳහන් කළාය.
සිය සැමියාගේ අතුරුදන්වීම පිළිබඳව සොයා බලන ලෙස තමන් විසින් රජයට අවස්ථා ගණනාවකදී ඉල්ලීම් රැසක් ඉදිරිපත් කළ බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් විමර්ශන සිදුව ඇතැයි ඊයේ (10) මල්වතු මහා විහාරයට පැමිණ එම පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ඇය මෙසේ ප්‍රකාශ කළාය.
සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය මෙසේද පැවැසීය.
‘‘අද මම මල්වතු පාර්ශවයේ මහනායක හිමියන් දැනුවත් කිරීමට පැමිණියේ මා විසින් සිදුකරන ආගමික සත්‍යග්‍රහය පිළිබඳව දැනුම් දීමටයි. මගේ සැමියා පැහැරගෙන ගොස් අතුරුදහන් කළේ රාජපක්ෂ රෙජීමයයි. එහි කිසිදු සැකයක් නැහැ. නමුත් යුද හමුදාව කරන ලද විමර්ශනවල වාර්තා යුද හමුදාවේ බලය සහිත පිරිස් විසින් යට ගසන තත්ත්වයක් තිබෙනවා. ඒ නිසයි කිසිඳු විමර්ශන වාර්තාවක් පිට නොවන්නේ. ජනාධිපතිවරයා යුද හමුදාව ආරක්ෂා කරන තත්ත්වයක් යටතේ එවැනි වාර්තාවක් නිකුත්වීම සැක සහිතයි. මට සිදුව ඇති අවණඩුව පිළිබඳව දැනුම්දීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට අවස්ථා කිහිපයකදී උත්සහ කළත් ඊට අවස්ථාවක් හිමිවුණේ නැහැ."
"මම ඉල්ලීම් රැසක් කර තිබෙනවා. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයෙන් තොරතුරු විමසීම් කළා. නමුත් එය කාර්යාලයක් පමණයි. විසදුමක් ලබා දෙන්නේ නැහැ. බොදුබල සේනා මහ ලේකම් හිමියන් බන්ධනාගාර ගතව සිටින්නේ මා වෙනුවෙන් කළ ක්‍රියාව හේතුවෙන් නොවෙයි. මගේ සිද්ධිය සම්බන්ධයෙන් උන්වහන්සේ ඉන්නේ ඇප මතයි. නමුත් උන්වහන්සේ බන්ධනාගාරගතව ඉන්නේ අධිකරණයට අපහාස කරමින් ක්‍රියාකළ නිසා." යැයි සන්ධ්‍ය එක්නැළිගොඩ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.‘‘
COMMENTS