ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට (IS) අයත් කැරලිකරුවන් විසින් වධහිංසාවලට ලක් කර දූෂණය කෙරුණ, ඉරාකයේ යාසිඩි ප්‍රජාවට අයත් නාදියා මුරාද්, පසුව ඔවුන...
ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට (IS) අයත් කැරලිකරුවන් විසින් වධහිංසාවලට ලක් කර දූෂණය කෙරුණ, ඉරාකයේ යාසිඩි ප්‍රජාවට අයත් නාදියා මුරාද්, පසුව ඔවුන්ගෙන් පලා යාසිඩි (Yazidi) ජනයා නිදහස් කර ගැනීම වෙනුවෙන් ව්‍යාපාරයක් ආරම්භ කළාය.
දීර්ඝ ගමනකින් පසුව ඇය 2018 වර්ෂයේ නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබුවාය. මේ වසරේ දී මෙම ත්‍යාගය හිමි වූ අනෙක් පුද්ගලයා කොංගෝහි නාරි සහ ප්‍රසව වෛද්‍යවරයෙකු වන ඩෙනිස් මුක්වීජ්ය.
නාදියා මුරාද් සිය පවුලේ සාමාජිකයන් සමග උතුරු ඉරාකයේ වාසය කළාය. 2014 වර්ෂයේදී කැරලිකරුවන් අතට පත් වූ ඇය තුන්මසක් ලිංගික වහලියක් ලෙස බලහත්කාරයෙන් රඳවා තබාගෙන ඇත.
අවස්ථා ගණනාවක දී ඇය වෙළෙඳ භාණ්ඩයක් ලෙස විකිණී ඇති අතර, ශාරීරික සහ ලිංගික වධබන්ධනවලට ලක් වී තිබේ.
නාදියා මුරාද් 2014 නොවැම්බර් මස කැරලිකරුවන්ගෙන් බේරී පලා ගොස් යාසිඩි ප්‍රජාවේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක් බවට පත් විය. එමෙන්ම, ලෝකය පුරා සිදුවන මිනිස් ජාවාරමට සහ ස්ත්‍රී දූෂණවලට එරෙහිව හඬ නගන්නියක් ද වූවාය.
නාදියා මුරාද් නොබෙල් සාම ත්‍යාගය දිනාගත් පළමු ඉරාක ජාතිකයා වේ.
COMMENTS