මහජන දිනය යෙදෙන සෑම බදාදා දිනයකම උතුරේ සියලුම රජයේ නිලධාරීන් කාර්යාල වල රැඳී සිටිය යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි...
මහජන දිනය යෙදෙන සෑම බදාදා දිනයකම උතුරේ සියලුම රජයේ නිලධාරීන් කාර්යාල වල රැඳී සිටිය යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.
උතුරු පළාත් සභාවේ නිල කාලය පසුගිය 24 වනදා මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් වූ අතර ඒ අනුව උතුරු පළාත් සභාවේ පරිපාලන බලය උතුරු ආණ්ඩුකාරවරයා වෙත පැවරිණි.
ඊයේ උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු පළාත් සභාවේ සියලුම
අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ හා ආයතන ප‍්‍රධානීන්ගේ රැස්වීමක් පැවති අතර එම
රැස්වීමේදී ඉහත නිලධාරීන් අමතා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා මෙසේ පැවසීය.
මධ්‍යම රජය විසින් පළාත් සභා වලට නිකුත් කර ඇති චක‍්‍රලේඛ හා අනිකුත් නිත්‍ය අණ පනත් භාවිතා කරමින් තම තමන්ගේ කාර්යාල වල කටයුතු කිරීමේ දී මහජනතාවගේ හිත සුව පිණිස එම කටයුතු වඩාත් මහජනතාවට දැනෙන සුළු ආකාරයෙන් කළ යුතු බවත් සෑම බදාදා දිනයකම මහජනයා මුණ ගැසීම සඳහා කාර්යාල තුළ රැඳී සිටිය යුතු බවත් එසේ තමන්ට රැඳී සිටිය නොහැකි අවස්ථාවන් වල තමන්ගේ දෙවන නිලධාරියෙකු අනිවාර්යයෙන්ම කාර්යාලය තුළ රැඳී සිටිය යුතු බවටත් උපදෙස් ලබා දෙන ලෙස සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත මෙහිදී ආණ්ඩුකාරවරයා විසින් උපදෙස් ලබා දෙන ලදී.
වැඩිදුරටත් කරුණු පැහැදිලි කර උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා මෙසේ පැවසීය.
“උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හැටියට සිටින මගේ ඥාති මිත‍්‍රාදීන්, හිතවතුන්, යහළුවන් මෙහි නැති නිසා මහජන සේවය කරන ඔබ සැමට මගේ කිසිදු බලපෑමක් ඇති නොවන බව අවධාරණයෙන් මතක් කර සිටිනවා. ආයතන රෙගුලාසි, මුදල් රෙගුලාසි, නිසි පරිපාලන උපදෙස් අනුව කටයතු කරන ඔබට මගෙන් කිසිදු බාධාවක් ඇති වන්නේ නැහැ. ඉදිරි සතිය තුළ මම සියලුම අමාත්‍යාංශ මට්ටමින් අදාල අමාත්‍යාංශ වලට ගොස් ප‍්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්විමට දින හා වෙලාවන් මේ වනවිටත් වෙන් කර ඔබ සැමට දැනුම් දී ඇති බවද සිහිපත් කළ යුතුයි. පළාත් ප‍්‍රධාන ලේකම් එ්. පතිනාදන් මහතා හට 2018 වර්ෂය සඳහා උතුරු පළාතේ සියලුම අමාත්‍යාංශ වෙත වෙන් කර ඇති මුදල් ප‍්‍රතිපාදන පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද උපදෙස් ලබා දුන්නා.”
COMMENTS