05 වසර ශිෂ්‍යත්ව විභාගය දරුවාගේ අනාගතය තීරණය කරන එකම කඩඉම බවට දෙමාපියන් විශ්වාස කිරීම නිසා රටේ දරු පරපුරට මහත් පීඩාවකට මුහුණදීමට සිදුව තිබ...
05 වසර ශිෂ්‍යත්ව විභාගය දරුවාගේ අනාගතය තීරණය කරන එකම කඩඉම බවට දෙමාපියන් විශ්වාස කිරීම නිසා රටේ දරු පරපුරට මහත් පීඩාවකට මුහුණදීමට සිදුව තිබෙන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.
ශිෂ්‍යත්වය සමත්වීම හෝ අසමත්වීම මත හිංසනයකින් තොරව දරුවා පිළිගන්නේ කෙසේදැයි සෑම වසරකම ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල නිකුත්වීමට සතියකට පෙර දෙමාපියන් දැනුවත් කිරීමට වැඩසටහනක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා සියලූ විදුහල්පතිවරුන්ට උපදෙස් දෙයි.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ මහනුවර ආදර්ශ විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට අද (06) පෙරවරුවේ එක්වෙමිනි.
ශිෂ්‍යත්ව විභාග ප‍්‍රතිඵල හමුවේ පසුගිය කාලය තුළ රටේ දරුවන්ට මුහුණදීමට සිදු වූ පීඩකාරී සිදුවීම් රැසක් ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා කියා සිටියේ මේ පිළිබද සියලූ අධ්‍යාපන බලධාරීන්ගේ ද අවධානය යොමුවිය යුතු බවයි.
නිදහස් අධ්‍යාපනයෙන්, සමාජයට වැඩදායී පුරවැසියන් බිහි කිරීමට ගුරුවරුන් සිදුකරන කැපවීම අගය කළ ජනාධිපතිවරයා ගරු වෘත්තීයේ අයිතිවාසිකම්, වරප‍්‍රසාද දිනාදීමට මෙන්ම ගුරුවරයාට හිමි ඉහළම ගෞරවය ලබාදීමට රජය කටයුතු කරන බව ද කියා සිටියේ ය.
COMMENTS