ජල සම්පාදන අමාත්‍ය ධුරය ලැබීම නිසා තමන්ට සිදුව ඇත්තේ වෙනදාට වඩා වැඩ කරමින් දුක් විඳින්නට හෙයින් තමන් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ස්තූත...
"ඔවුන් මේ මට ලබාදී තිබෙන්නේ කුමක්ද ? වෙනදාටත් වඩා ඉටුකිරීම අසීරු දුෂ්කර කාර්යභාරයක්. වෙනදාටත් වඩා අඩුවෙන් විවේකය ලැබෙන, එදාට වඩා වැඩියෙන් අවිවේකීව ඉන්න වෙන, එදාට වඩා වැඩියෙන් වැඩ කරන්න වෙන, එදාට වඩා අඩුවෙන් නිදියන්න වෙන ... දුක් විඳින්න වෙන - අවංක කැපවීමක් තියෙනවා නම් - රාජකාරියක්.
ඉතිං මේ රාජකාරිය බාරදීම ගැන ඔබට ස්තූති කරන්න හේතුවක් නෑනෙ ? ස්තූති කරන්න ඕනෙ මේක වරප්‍රසාදයක් හැටියට බාරගන්න කට්ටිය. මේක මේ ලොකු ඔටුන්නක්, මේක මේ තමන්ට භුක්ති විඳින්න සැප සම්පත් ලැබෙන ක්‍රමයක් ... අන්න එහෙම හිතන කට්ටිය ස්තූති කරාට වරදක් නෑ. මට එහෙම ස්තූතියක් කරන්න දෙයක් නෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසුවේ තමන්ව පිළිගැනීම සඳහා ආධාරකරුවන් සංවිධානය කර තිබුණු උත්සවයක් අමතමිනි.
කෙසේවෙතත් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළුව බොහෝ මැති ඇමතිවරුන් පසුගිය දිනවල තමන්ට ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ස්තූති කරමින් නිවේදන නිකුත් කර තිබුණු අතර වාසුදේව නානායක්කාර මහතාගේ ඇණුම්පදය වදින්නේ ඔවුන්ටදැයි අප දන්නේ නැත.
COMMENTS