ව්‍යවස්ථාවට අනුකූලව කිසි විටෙකත් වෙනත් අගමැතිවරයෙක් පත් කළ නොහැකි බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ කොළඹ පැවති මාධ්...
ව්‍යවස්ථාවට අනුකූලව කිසි විටෙකත් වෙනත් අගමැතිවරයෙක් පත් කළ නොහැකි බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
තවදුරටත් තමා මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රියා කරන බවත්, වෙන කෙනෙකු ඒ සඳහා නම් කළ නොහැකි බවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
පාර්ලිමේන්තු සම්ප්‍රදාය තමාට වෙනස් කළ නොහැකි බවත්, ආණ්ඩු බලය හා පාර්ලිමේන්තුව බහුතරයක් තමාට සිටින බවත් ඔහු සඳහන් කරයි.
කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ජනාධිපතිවරයාගේ බලතල අනුව අග්‍රාමාත්‍යධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ බවයි.
එසේ පැවසුවත් තමා එය පිළිනොගන්නා බව ද රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
තමා අගමැති ලෙස වගකීම් ඉටු කරන බවත්, වැඩ කරන්න තමාට කිසිවෙකු සමඟ ගැටළුවක් නොතිබුණ බවත් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.
COMMENTS