ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල යළි ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල්...
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල යළි ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6 කින් වැඩිකර ඇති අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8 කින් වැඩි වී තිබේ. සුපර් ඩීසල් ලීටරයක මිලද රුපියල් 8 කින් වැඩි කර තිබේ.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මීට පෙර පැවතියේ රුපියල් 149 කට වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 161ට අලෙවි කෙරිණි. සුපර් ඩීසල් ලීටරයක් මීට පෙරර අලෙවි වුයේ රුපියල් 133කටය .
ලෝක වෙළෙඳපලේ බොරතෙල් මිලෙහි සිදුවන වෙනස්කම් අනුව මෙරට ඉන්ධන මිල සංශෝධනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය මිල සුත්‍රය හඳුන්වා දුන්නේය.
ඔක්තෝබර් මාසය සඳහා මිල තීරණය කිරීමට අදාළ කමිටුව ඊයේ පස්වරුවේ රැස් වූ අතර එහිදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 06කින් ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 08කින් ද ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 155ක් වන අතර 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 169ක් වෙයි.
සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 08කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව සුපර් ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 141ක්.
කෙසේවෙතත් ඔටෝ ඩීසල් සඳහා මිල වැඩි කිරීමක් සිදු නොකිරීමටයි ඊයේ රැස් වූ ඉන්ධන මිල සූත්‍ර කමිටුව තීරණය කර ඇත.
මෙවර මිල සූත්‍රයට අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 11කින් වැඩි කිරීමට නියමිතව තිබුණ මහජනතාවට, ප්‍රවාහන, ධීවර වැනි ක්ෂේත්‍රයන්ට ඇතිවන්නා වූ අහිතකර බලපෑම සැලකිල්ලට ගෙන ඩීසල් මිල වැඩි නොකිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව තවදුරටත් ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 123ක් වන බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
මේ අතර ඉන්දියන් ඔයිල් සමාගම ඊයේ මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මීළඟ ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 155ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රෙල් ලීටරයක මිල රුපියල් 172ක් වන බව ඉන්දියන් ඔයිල් සමාගම සඳහන් කළේය.
නව මිල සංශෝධනයට අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 129ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 141ක් වන බව ඉන්දියන් ඔයිල් සමාගම සඳහන් කළේය.
COMMENTS