‘‘බැංකු අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමේ බලය තියෙන්නේ අමාත්‍යාවරයාට. කිසිම බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩලයක් විසුරුවා හැරලා නැහැ.” යැයි රාජ්‍ය ව්‍යව...
‘‘බැංකු අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමේ බලය තියෙන්නේ අමාත්‍යාවරයාට. කිසිම බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩලයක් විසුරුවා හැරලා නැහැ.” යැයි රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
“ලක්දිරිය“ ව්‍යවසාය සංවර්ධන ණය යොජනා ක්‍රමය යටතේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව මඟින් ණය මුදල් හිමිවූ ව්‍යවසායකයින් පිරිසකට ණය මුදල් ලබාදීමේ අවස්ථාවට එක් වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“රටේ වැදගත් සිංහල පුවත්පතක ලංකා බැංකුවෙත්, මහජන බැංකුවේත් අධ්‍යක්ෂ මණ්ඩල ජනාධිපතිතුමා විසුරුවා හැරලා කිියලා ප්‍රවෘත්තියක් පල වුනා. ඒ අමූලික බොරුවක්. අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමේ බලය තියෙන්නේ අමාත්‍යාවරයාට. ජනාධිපතිතුමා මගෙන් ලිඛිතව ඉල්ලීමක් කලා, මට තියෙන අමාත්‍ය බලය පාවිච්චි කරලා මේ බැංකු දෙකේ අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රතිසංවිධානය කරන්න කියලා. අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරලා නැහැ. මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කලා එතුමාගේ නිර්දේශ නම් ලබා දෙන්න කියලා. ඒ අනුව කලබලයකින් තොරව ලබන සතිය තුල සුදුසු නිළධාරීන් පිරිසක් මේ සඳහා තෝරාගමු කියලා. රටේ ප්‍රධානම බැංකු දෙකේ අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරියා කිව්වම ජාත්‍යන්තරයට යන පණිවුඩය මොකක්ද? මේ බැංකු බංකොලොත් කියල. සමහර වැදගත් සිංහල, ඉංග්‍රීසි පුවත්පත් මේ වගේ ප්‍රවෘත්ති පලකිරීම ගැන මම ඉතාමත් කණගාටු වෙනවා. මේවගෙන් රටේ ආර්ථීකයටත් අහිතකර බලපෑම් වෙනවා. එහෙම කරන අය ජාති ද්‍රොහීන්.”
“රට ගැන හිතල කටයතු කරන්න කියල ඒ අයගෙන් මම ඉල්ලනවා. එළඹෙන අයවැයෙන් ජනතාවට සහන රැසක් ලබාදීමට රජය කටයුතු කරනවා. අයවැය කාරක සභා විවාද ආරම්භ වුනාම ඡන්ද විමසීමකිදී පුළුවන් නම් ආණ්ඩුව පරද්දන්න කියලා ආණ්ඩුව වැටෙයි කියලා බලාගෙන ඉන්න අයට මම අභියෝග කරනවා, කුමන්ත්‍රණ වැඩක් නෑ. කවුරු ආණ්ඩු කලත් පාර්ලිමේන්තුවේ බලය තියෙන්න ඕනේ. යහපාලන ආණ්ඩුවට ජනවරමක් තියෙනවා. ආණ්ඩුවේ බහුතරය අපි ආරක්ෂා කරනවා. එAකාබද්ධ විපක්ෂයේ කිහිපදෙනෙකුත් එක්සත් ජාතික පක්ෂය සමඟ මේ වන විට සාකච්ඡා කරලා තියෙනවා. අපේ පක්ෂයේ පවුල්වාදය නෑ. පක්ෂයේ ඕනේ කෙනෙකුට නායකත්වය දක්වා යන්න පුළුවන්. ඒකාබද්ධ විපක්ෂයේ තියෙන්නේ පවුල්වාදය. ඒ නිසා ඒ පැත්තේ සමහරු අද කලකිරිලා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS