ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධානී මෙං හොංවෙයි සිය භාරයේ සිටින බව චීනය තහවුරු කර තිබේ. චීන රජය පවසා ඇත්තේ, චීනයේ ජාතික සුපරීක්ෂණ කොමිසම (Natio...
ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධානී මෙං හොංවෙයි සිය භාරයේ සිටින බව චීනය තහවුරු කර තිබේ.
චීන රජය පවසා ඇත්තේ, චීනයේ ජාතික සුපරීක්ෂණ කොමිසම (National Supervision Commission) විසින් විමර්ශනයක් සඳහා ඔහු රඳවා ගනු ලැබ සිටින බවය.
චීනයේ මහජන ආරක්ෂාව පිළිබඳ හිටපු උප අමාත්‍යවරයෙකු වන මෙං හොංවෙයි සැප්තැම්බර් 25 වෙනිදා ප්‍රංශයේ පිහිටි ජාත්‍යන්තර පොලිස් මූලස්ථානයේ සිට චීනය වෙත යාමෙන් පසු ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොලැබුණු බව වාර්තා විය.
මේ අතර, ජාත්‍යන්තර පොලිසිය සඳහන් කළේ, මෙං හොංවෙයි ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධානී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඉරිදා සිය ආයතනයට ලැබුණු බව ය.
මෙං හොංවෙයි පිළිබඳ විමර්ශනයක් පැවැත්වෙන බව චීනයේ මහජන නියෝජිතයින් සම්බන්ධ දූෂණ චෝදනා විමර්ශනය කරන ජාතික සුපරීක්ෂණ කොමිසම සිය වෙබ් අඩවිය තුළින් නිවේදනය කර තිබිණි.
දැවැන්ත චරිත හිටි හැටියේ අතුරුදන් වෙයි
චීනය තුළ පසුගිය මාස කිහිපයේදී රජයේ ඉහළ නිලධාරීන්, බිලියනපතියන් සහ දැවැන්ත චරිත අතුරුදන් වූ අතර, මෙං හොංවෙයි එරටදී අතුරුදන් වූ නවතම ප්‍රභූ පුද්ගලයාය.
ජාත්‍යන්තර පොලිසියට නව ප්‍රධානියෙක්
සිය නිල ට්විටර් වෙබ් පිටුව හරහා නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර පොලිසිය දැනුම් දී ඇත්තේ, වහා ම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉල්ලා අස්වන බවට මෙං හොංවෙයිගෙන් ලිපියක් ලැබී ඇති බවය.
මේ අනුව, ජාත්‍යන්තර පොලිසියේ ව්‍යවස්ථාව අනුව එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති දකුණු කොරියානු ජාතික කිම් යොං යැං වැඩබලන සභාපතිවරයා ලෙස පත් කර තිබේ.
මීළඟ වසර දෙක සඳහා ජාත්‍යන්තර පොලිසියට නිත්‍ය ප්‍රධානියෙකු පත් කිරීමට නියමිතව ඇත්තේ, ලබන මස ඩුබායිහිදී පැවැත්වෙන මහ සමුළුවේදී ය.
COMMENTS