දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල් තවමත් නීත්‍යානූකූල අගමැති බව බ්‍රිතාන්‍යයේ මන්ත්‍රීවරයෙක් කියයි
Homeප්‍රවෘත්ති

රනිල් තවමත් නීත්‍යානූකූල අගමැති බව බ්‍රිතාන්‍යයේ මන්ත්‍රීවරයෙක් කියයි

PropellerAds

ජාත්‍යන්තර ප්‍රජාව රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ නීත්‍යනුකූල අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගන්නා බව එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව අමතමින...

වාරිකය කෝටි දෙකත් පනී... ජනපති කාර්යාලයේ ආරක්‍ෂිත වාහන 28 ක් රක්ෂණය කර නෑ - විගණන වාර්තාවක් කියයි
අල්ලස් කොමිසමේ 2022 රිපෝට් එක එයි! දාපු නඩු 89න් 45ක්ම ඉල්ලා අස්කරගෙන!
"ධනිෂ්ක සහ ඔබ නිවසට පැමිණි පසු නිදන කාමරයට ගොස් ඔබ ඉටිපන්දම් දැල්වූයේ ඇයි?" - ධනිෂ්කගේ නඩු විභාගයේ දෙවැනි දිනයේ දී සිදුවූ දේ!
රනිල් තවමත් නීත්‍යානූකූල අගමැති බව බ්‍රිතාන්‍යයේ මන්ත්‍රීවරයෙක් කියයි

ජාත්‍යන්තර ප්‍රජාව රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ නීත්‍යනුකූල අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගන්නා බව එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව අමතමින් එරට කොන්සර්වේටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සර් හියුගෝ ස්වයර් මහතා ඊයේ (30) පැවැසීය.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ විදේශ ලේකම්වරයා (විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා) වෙත ප්‍රශ්නයක් යොමු කරමින් සර් හියුගෝ ස්වයර් මහතා ඒ බව සඳහන් කළේය.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ හියුගෝ ස්වයර් මහතා මෙසේ ද කීය.

“ විදේශ ලේකම්වරයා මේ සතියේ ශ්‍රී ලංකා ජනාධිපති අමතනවා. ජනාධිපතිවරයා ගෙන ඇති ක්‍රියාමාර්ග දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පටහැණි බවත් ජාත්‍යන්තර ප්‍රජාව රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අගමැති ලෙස තවදුරටත් පිළිගන්නා බවත්, එය වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ පවත්වන ඡන්දයකදී පමණක් බවත්, එසේ ඡන්ද විමසීමක් පැවැත්වීමට නම් පාර්ලිමේන්තුව කඩිනමින් රැස් කළ යුතු බවටත් මගේ මිත්‍රයා ජනාධිපති සිරිසේන මහතාට පෙන්වා දෙන්නේ දැයි මා විමසා සිටිනවා”.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එම කරුණු පෙන්වාදෙන බව ඊට පිළිත-ුරු දෙමින් විදේශ අමාත්‍ය ජෙරමි හන්ට් පැවැසීය.
ඔහු එහිදි මෙසේ ද කීය.

“මම ජනාධිපති සිරිසේන මහතාට එම කරුණු පෙන්වාදීමට බලාපොරොත්තු වෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද ඇතුළුව බොහෝ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද අපි සැලකිලිමත් වෙනවා. ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් අපි දැඩි විමසිල්ලෙන් පසුවෙනවා”.

කතානායකවරයා සමඟ සාකච්ඡා කර කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අවධාරණය කරන බව ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් රාජධානියේ ආසියානු සහ ශාන්තිකර කටයුතු පිළිබඳ අමාත්‍ය මාර්ක් ෆීල්ඞ් මහතා සඳහන් කර තිබිණි.

එක්සත් රාජධානිය යනු ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන වෙළෙඳපොළක් වන අතර ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය අගෝස්තු සහ සැප්තැම්බර් යන මාසවලදී ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයන් පැමිණ ඇත්තේ ද එක්සත් රාජධානියෙනි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල් තවමත් නීත්‍යානූකූල අගමැති බව බ්‍රිතාන්‍යයේ මන්ත්‍රීවරයෙක් කියයි
රනිල් තවමත් නීත්‍යානූකූල අගමැති බව බ්‍රිතාන්‍යයේ මන්ත්‍රීවරයෙක් කියයි
http://am.lk/media/k2/items/cache/439a961abc95ecd3d3308a6c68452525_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_404.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_404.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy