පූජිත් ජයසුන්දර මහතා පොලිස්පති ධුරයෙන් ගෞරවාන්විත ලෙස ඉල්ලා අස් නොවුණහොත් ඔහුට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට ජනපති ක...
පූජිත් ජයසුන්දර මහතා පොලිස්පති ධුරයෙන් ගෞරවාන්විත ලෙස ඉල්ලා අස් නොවුණහොත් ඔහුට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට ජනපති කොමිසමක් හෝ කැබිනට් කමිටුවක් පත්කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු වී අතැයි ආරංචි මාර්ග අනාවරණය කළේය.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් පොලිසිය තුළත් ඉන් පිට සිවිල් සමාජයෙනුත් එල්ලවෙමින් ඇති විරෝධතා සැලකිල්ලට ගෙන ඔහුට ඉල්ලා අස්වන ලෙසට මේ වන විට බලධාරීන් විසින් දැනුම්දීමක්ද කර තිබෙන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් මෙන්ම රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් ජනපති සහ අගමැති අතර පසුගිය සති අන්තයේ පැවැති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.
COMMENTS