දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ඊට වඩා හොදයි බෙල්ලේ වැල දාගත්තා නම්" - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් මහින්දට අවවාදයක්
Homeප්‍රවෘත්ති

"ඊට වඩා හොදයි බෙල්ලේ වැල දාගත්තා නම්" - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් මහින්දට අවවාදයක්

PropellerAds

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හවුල් ආණ්ඩුවකට සම්බන්ධ වන්නේ නම් ඊට වඩා බෙල්ලේ වැල දමා ගැනීම හොඳ බව පැවිදි හඩ සංවිධානය සදහන් කරයි. එම ...

ලොක්කන්ට අනතුරු අඟවලා අලුත් අවුරුද්දේ ජනපති දුන්න පොරොන්දුව මෙන්න
ගානියා ඇතුලාන්තයේ තිබුණු කුමන්ත්‍රණය හෙළිවෙයි - අත්ත කතාව මෙන්න
අරලියගහ මන්දිරයේ අතහැරගිය ෆයිල්වල තිබුණේ මොනවද?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හවුල් ආණ්ඩුවකට සම්බන්ධ වන්නේ නම් ඊට වඩා බෙල්ලේ වැල දමා ගැනීම හොඳ බව පැවිදි හඩ සංවිධානය සදහන් කරයි.

එම සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මෙම අදහස් පළ කලේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පිරිහෙන ආණ්ඩුවක් නැවත ආරක්ෂණ කිරීමට හවුල් ආණ්ඩුවක් අවශ්‍ය නැති බව ද උන්වහන්සේ කීහ.

මහින්ද රාජපක්ෂ මහතා හවුල් ආණ්ඩුවක් ගත්තා යැයි කියා ප්‍රශ්නය විසඳන්නට බැරි බවත් ඩොලරය පහළ බසින්නේ ඇති බවත් හිමියන් සඳහන් කලහ.

මෙම මෝඩ වැඩේට අත ගහන්න එපා කියා තමන් වහන්සේ ඉල්ලා සිටින බවද වැඩිදුරටත් උන්වහන්සේ එහිදී වැඩි දුරටත් පැවසූහ.

පැවිදි හඩ සංවිධානයේ සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මෙසේ අදහස් දැක්විය.

"මේ දවස්වල කියාගෙන යනවා භාරකාර ආණ්ඩුවක් ලබන්න ඕනේ කියන එක. ගිලෙන නැවත් ආරක්ෂා කරන්නට හවුල් ආණ්ඩුවක් අවශ්‍ය වෙන්නෙ නෑ. හවුල් ආණ්ඩුවකට සම්බන්ධ වෙනවා නම් මහින්ද රාජපක්ෂ පස්වෙනි ජනාධිපතිතුමා ඔයිට වඩා හොඳයි බෙල්ලේ වැලක් දාගන්න එක. හෙට හවුල් ආණ්ඩුව ගත්තා කියලා මහින්ද මහත්තයට පක්ෂය ගොඩ ගන්න පුළුවන් කමක් නැහැ. ඩොලර් එක බස්සන්න පුළුවන්කමක් නැහැ. අවුරුදු 4කට අසන්න කාලයක් පළිගත්තා, රටේ ජනතාවට දෙන්නට පුළුවන් දස වද සේරම දීලා ඉවරයි."

පැවිදි හඩ සංවිධානයේ ලේකම් පුජ්‍ය ගොම්බද්‍දල දමිත හිමි මෙසේ අදහස් දැක්විය.

"අලුත් වෙස්මූණක් දාලා පුයර ටිකක් දාලා මේ මූණ වෙනස් කළාට මේ ආණ්ඩුව ඇති වැඩක් නෑ. ඒ නිසා කරුණාකරලා අපි මහින්ද රාජපක්ෂ ජනාධිපති ඒකාබද්ධ විපක්ෂයටත් කියනවා බලය උදෙසා මොකක් හරි අටවා ගැනීමක් කරන්න යන්න එපා, මේ වෙලාවේ කරන්න තියෙන්නේ එකම දෙයයි මැතිවරණයක් ලබා ගන්න. අද මේ රටේ නීතිය අරාජකත්වය එන්නම පෙන්නනවා. පොලිස්පතිතුමා දැන් නීතිය නමලා විතරක් නෙමේ නීති අටපට්ටම් කරලා තියෙන්නේ. මේ රටේ ඇමතිවරුන්ගේ ගිණුම්වලට කෝටි ගණන් සල්ලි එනවා. ඒවා පිළිබඳව මොනම විදිහකටවත් පරීක්ෂණයක් නැහැ. ඊලගට මේ රටේ අරමුදල් වල තිබිච්ච සල්ලි කෝටි ගණන් සමහර මන්ත්‍රීවරියන් අරගෙන දැන් වංචා කරලා අතට අහු වෙලා තියනවා, ඒ අය සම්බන්ධව අඩුමගානේ කටඋත්තරයක් ගන්න තරම්වත් ක්‍රියාත්මක වීමක් නැහැ. ජනාධිපතිතුමනි ඔබතුමාගේ ඔය විධායක බලතල තවදුරටත් තියාගෙන ඉදලා ඇති වැඩක් නැහැ මේ රට හොරුන්ගේ පාරාදීසයක් බවට පත් වෙමින් තියෙන වෙලාවක ඒවට අවශ්‍ය පියවර ගන්න ඔබතුමා."

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ඊට වඩා හොදයි බෙල්ලේ වැල දාගත්තා නම්" - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් මහින්දට අවවාදයක්
"ඊට වඩා හොදයි බෙල්ලේ වැල දාගත්තා නම්" - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් මහින්දට අවවාදයක්
http://am.lk/media/k2/items/cache/706c334224a09d4450fec4863fb8dcd0_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_278.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_278.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy