ස්විස් තානාපති කාර්යාල නිලධාරිනි ගානියා මහත්මියගේ සිද්ධියත් සමඟ ශ්‍රී ලංකා රජය හා ස්විට්සර්ලන්තය අතර යම්කිසි ගැටුමක් ඇති කිරීමට විපක්ෂයේ දේ...
ගානියා මහත්මියට අධිකරණයෙන් ඇප නියමවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ වැඩබලන ස්විට්සර්ලන්ත තානාපතිවරයා පැමිණ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා මුණගැසී තිබෙන බවත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.
ගානියා මහත්මිය ශ්‍රී ලංකාවේ පුරවැසියකු වන නිසා ඇය සමබන්ධයෙන් මෙරට අපරාධ නීතිය යටතේ පරීක්ෂණ සිදුකර අවශ්‍ය අධිකරණමය ක්‍රියාමාර්ග ගනු ලබන බවත් ඒ ගැන තමන් ස්විට්සර්ලන්තයට දැනුම්දුන් විට ස්විට්සර්ලන්තය විසින් ඒ බව පිළිගෙන එම නීතිමය කටයුතුවලට අවශ්‍ය සහයෝගය ලබාදෙමින් කටයුතු කරන බවත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
ගානියා මහත්මියගේ පරස්පර ප්‍රකාශ නිසා පැහැරගත්තේ යැයි කියනු ලබන ප්‍රකාශය සත්‍යයෙන් තොර බව ඕනෑම කෙනකුට මේ වන විට පැහැදිලි වන බවත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
කෙසේ නමුත් මෙම සිද්ධිය හරහා ශ්‍රී ලංකා රජය අපකීර්තියට පත්කරමින් දේශපාලන වාසි ලබාගැනීමට පිරිසක් දැඩි උනන්දුවකින් කටයුතු කළද නීතිය ඉදිරියේ දිග හැරුණු කරුණු අනුව එසේ වාසි ලබාගැනීමට සූදානමින් සිටි පිරිස්වල බලාපොරොත්තද සුන් වී ගොස් තිබෙන බවද දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මව්බිම

COMMENTS