ජනපති ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව චෝදනා එල්ල වී තිබෙන නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට නොගැනීම පසුපස ඔහු ඝාතන කිරීමේ කුමන්ත්‍රණයක්...
ජනපති ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව චෝදනා එල්ල වී තිබෙන නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට නොගැනීම පසුපස ඔහු ඝාතන කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකදැයි සැකයක් මතුවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා පවසයි.
ඒ ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“ජනපති ඝාතන කුමන්ත්‍රණයක් කියන්නේ තවත් එක් මිනීමැරීමේ උත්සාහයක් නොවේ. රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයක්. රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයක් පිළිබඳ ආරංචි වුණු වහාම සිද්ධ කරන පළමු දේ තමයි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම. ලංකාවේ විතරක් නොවේ. ලෝකය පුරාම තත්වය ඒකයි. නමුත් මේ ලෝක දහම නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට පමණක් ක්‍රියාත්මක නොවන්නේ ඇයි? නාලක සිල්වා කට ඇරියොත් තව කී දෙනෙකු අත්අඩංගුවට ගන්න වේවි ද දන්නේ නෑ. ඒ නිසා මෙම කුමන්ත්‍රණය ඇත්ත නම් නාලක සිල්වා පිටුපස සිටින අයට දැන් තිබෙන හොඳම විසඳුම වන්නේ නාලක සිල්වා ඝාතනය කිරීමයි. නාලක සිල්වාගේ දේහය වල දාන කොට එයා දැන ගෙන සිටි රහස් සියල්ලත් සදහටම වැලලෙනවා. නාලක සිල්වා අත්අඩංගුවට නොගන්නේ ඔහු මරා දැමීමට ද යන සාධාරණ සැකය අපට දැන් තිබෙනවා.”
COMMENTS