ගාල්ල සිට දෙහිඅත්තකණ්ඩිය දක්වා ධාවන වූ ලංගම බසයක් සහ අම්පාර සිටි මාතර දක්වා ගමන්ගත් පෞද්ගලික බසයක් ලුණුගම්වෙහෙර නගරාසන්නයේ දී මුහුණට මුහු...
ගාල්ල සිට දෙහිඅත්තකණ්ඩිය දක්වා ධාවන වූ ලංගම බසයක් සහ අම්පාර සිටි මාතර දක්වා ගමන්ගත් පෞද්ගලික බසයක් ලුණුගම්වෙහෙර නගරාසන්නයේ දී මුහුණට මුහුණ ගැටීමෙන් මගීන් 80 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ලුණුගම්වෙහෙර පොලිසිය පවසයි.
තුවාලකරුවන් ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තත්ත්වයේ පසුවු තුවාලකරුවන් දෙබරවැව සහ හම්බන්තොට රෝහල්වලට ඇතුළත් කර ඇත.
තුවාලකරුවන්ගෙන් පස් දෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ගපවසයි. තුවාලකරුවන් වැඩි දෙනකුගේ මුහුණ, හිස හා කොන්ද ප්‍රදේශවලට හානි සිදුව ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය. අද (12) දහවල් මෙම අනතුර සිදුවී ඇති අතර සාමාන්‍ය තත්ත්වයේ පසුවන තුවාලකරුවන් ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇතැයි පොලීසිය පවසයි.
COMMENTS