දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විග්නේෂ්වරන් උතුරේ හමුදාව ගැන ස්විස්ටර්ලන්තයට කියයි
Homeප්‍රවෘත්ති

විග්නේෂ්වරන් උතුරේ හමුදාව ගැන ස්විස්ටර්ලන්තයට කියයි

PropellerAds

උතුරේ සිවිල් පරිපාලනයක් ක්‍රියාත්මක වන බවට රජය ප්‍රකාශ කළත් මේ වනවිටත් ලක්ෂයකට වැඩි හමුදා භට පිරිසක් උතුරේ රඳවා තැබීමෙන් සාමාන්‍ය ජනතාවගේ ...

පොලිස් ගිනි අවියෙන් පොලිසියටම වෙඩි තියලා
සීමානීර්ණ වාර්තාව අද බාරදෙයි
සනීපාරක්ෂක කම්කරුවන්ට විශේෂ දීමනාවක්
විග්නේෂ්වරන් උතුරේ හමුදාව ගැන ස්විස්ටර්ලන්තයට කියයි

උතුරේ සිවිල් පරිපාලනයක් ක්‍රියාත්මක වන බවට රජය ප්‍රකාශ කළත් මේ වනවිටත් ලක්ෂයකට වැඩි හමුදා භට පිරිසක් උතුරේ රඳවා තැබීමෙන් සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජන ජීවිතයට බාධාවන් රැසක් එල්ල වී ඇති බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය 03වනදා ස්විස්ටර්ලන්තයේ නීතිය හා පොලිස් කටයුතු පිළිබද ඇමතිනී සිමෝනිටා සොමාරුහා මහත්මිය යාපනයට පැමිණ ප්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලයේදී ඔහුව හමු වී පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරිය විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විග්නේෂ්වරන් මහතා කියාසිටියේ යුද හමුදාවේ විශාල පිරිසක් උතුරේ රැදී සිටීම නිසා මෙම වසරේ ගත වූ කාලය තුළ සාමාන්‍ය වැසියන් අනවශ්‍ය වධ බන්ධනවලට ලක්වීමේ සිද්ධීන් 17ක් වාර්තා වී ඇති බවයි.

එමෙන්ම යුද්ධය පැවති වසර 30ක කාලය පුරාවට යුද හමුදාව දෙමළ වැසියන්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට නොව කතා කිරීමටවත් ඉඩ නොදුන් බව පැවසූ ප්‍රධාන අමාත්‍යවරයා වර්තමානයේදී සාමයක් ලැබී ඇතත් තවමත් පවතින්නේ එම තත්ත්වයම බව කියාසිටියේය.

හමුදාව උතුරේ රැදී සිටිමින් මහජනතාව සතු ඉඩම් කොල්ල කන බවත් රජය එය නතර කිරීමට කටයුතු කරන බව පැවසීමෙන් පසුව ද උතුරේ ඉඩම් අක්කර 4500 ක් පමණ අලුතින් අත්පත් කරගෙන ඇති බවත් ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.

දෙමළ ජාතික සන්ධානය හා දෙමළ ජනතාව රජයට පූර්ණ සහය පලකරන නමුත් රජය දෙමළ ජනතාවට වූ පොරොන්දු ඉටු නොකරන බව ස්විස්ටර්ලන්ත අමාත්‍යවරිය හමුවේ පවසා ඇති ප්‍රධාන අමාත්‍යවරයා ඊට උදාහරණ වශයෙන් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි නොකිරීම ඇතුළු කරුණු කීපයක්ම අමාත්‍යවරියට පෙන්වා දී ඇත.

එමෙන්ම එම ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය පිණිස තමන් යාපනයේදී දෙමළ ජනතාව සමග විරෝධතාවයට එක් වූවේ බෞද්ධ ආගමකට එරෙහිව හෝ සිංහල ජනතාවට එරෙහිව හෝ නොවන බවත් දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පමණක් බවත් මහඇමතිවරයා ප්‍රකාශ කර තිබේ.

ප්‍රධාන අමාත්‍යවරයා ස්විස්ටර්ලන්ත අමාත්‍යවරියගෙන් ඉල්ලා ඇත්තේ උතුරේ මෙම සැබැ තත්ත්වය ජාත්‍යන්තරය හමුවට ගෙනගොස් රජයට යම් බලපෑමක් කොට උතුරේ ජනතාවට සහනයක් සලසා දෙන ලෙසයි.

ඡායාරූප පහතින්.

වන්නි - රොමේෂ් මධුෂංඛ 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විග්නේෂ්වරන් උතුරේ හමුදාව ගැන ස්විස්ටර්ලන්තයට කියයි
විග්නේෂ්වරන් උතුරේ හමුදාව ගැන ස්විස්ටර්ලන්තයට කියයි
http://ift.tt/2dEn4iT
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_42.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_42.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy