නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, සහ එංගලන්තය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක අනවසරයෙන් රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් 5000කට වැඩි පිරිසක් සොයා එරට ආරක්ෂක...
නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, සහ එංගලන්තය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක අනවසරයෙන් රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් 5000කට වැඩි පිරිසක් සොයා එරට ආරක්ෂක අංශ මෙහෙයුමක් දියත් කර ඇත.
අධ්‍යාපනය හැදෑරීම සඳහා වීසා ලබා ගන්නා බව පවසමින් ව්‍යාජ ලිපි ලේඛන සහ බැංකු වාර්තා ඉදිරිපත් කරමින් මින් වැඩි පිරිසක් මෙම රටවලට ඇතුළුවී ඇති බව එරට ආරක්ෂක අංශ විසින් අනාවරණය කර ගෙන තිබේ.
දැනටමත් නවසීලන්තයේ සිටින මෙවැනි පිරිස් එරට ආරක්ෂක අංශ විසින් හඳුනා ගෙන ඇති අතර ඔවුන්ව ඉදිරියේදී නීතියේ රැහැනට හසුකර මෙරටට එවන බවට නවසීලන්ත ප්‍රවෘත්ති සේවාවන් වාර්තා කර තිබේ.
COMMENTS