අතීතයේ ගංවතුර සම්බන්ධයෙන් ජනතා මතය වුයේ වසර 25කට, 30කට පමණ මහා ගංවතුර නමින් එකක් පැමිණෙන බවයි. නමුත් මහ ගංවතුරක අත්දැකීම අද බොහෝ ප්‍රදේ...
අතීතයේ ගංවතුර සම්බන්ධයෙන් ජනතා මතය වුයේ වසර 25කට, 30කට පමණ මහා ගංවතුර නමින් එකක් පැමිණෙන බවයි.
නමුත් මහ ගංවතුරක අත්දැකීම අද බොහෝ ප්‍රදේශ වල ජනතාවට වාර්ෂික අත්දැකීමක් බවට පත්ව තිබෙනවා.
එහි පීඩාව ජන ජීවිතය පමණක් නොව සංස්කෘතික කාරනා වලට ද අහිතකර ලෙස බද්ධ වී තිබීම කනගාටුවට කරුණක්.
වරක් පැමිණි ගංවතුර ලබන වසරේත් පැමිණෙනු ඇති බියට කිසිවක් නොකර උඩ බලාගෙන සිටීමේ නරක පුරුද්දකට ජනතාව යොමුවෙමින් සිටිනවා.
ගංවතුරට විනාශ වූ බිත්ති යළි පිළිසකර නොකරන ඔවුන් ගඟෙන් ගලා ආ මඩ ගොහොරු ඉවත් කරනු ලබන්නේද නොකර බැරි නිසායි.
මේ ඛේදවාචකයට මුහුණ දෙන බහුතර පීඩිතයෝ කැළණි ගං මිටියාවතේ ජීවත් වූවෝ වුණා.
අද වන විට පොඩි වැස්සටත් දෙගොඩතලා යන කැළණි ගඟේ ජල පහර කඩවත සහ අතුරුගිරිය වැනි කැළණි ගඟ නොපෙනෙන මානයේ සිටින මිනිසුන්ට ද මහත් පීඩාවක් ගෙන දී තිබෙනවා.
අතුරුගිරිය වැනි ප්‍රදේශ වල ඉතිහාසයේ කවරදාක වත් ජලයෙන් යට නොවුණු ප්‍රදේශ අද පොඩි වැස්සටත් පිරී යනවා.
රාජගිරිය, IDH, කොළොන්නාව, අඹතලේ, මුල්ලේරියාව ආදී ප්‍රදේශ අද වන විට පැය කිහිපයක වර්ෂාවෙන් පවා යටවන තත්වයකට පත්ව තිබෙනවා.
2020 ජනාධිපතිවරණයට එන අපේක්ෂකයෙකුට කැළණි ගඟ, කදිම දේශපාලන පොරොන්දුවක්.
පසුගිය සෙනසුරාදා කොළඹට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් ඉරිදා අලුයම වන විට බොහෝ ප්‍රදේශ ජලයෙන් යට වුණේ ගමනාගමන කටයුතු වලටත් බාධා එල්ල කරමින්.
මේ ගැටලුවට ස්ථිර විසඳුමක් නොලැබුණහොත් කඩුවෙල, අතුරුගිරිය සහ කඩවත, බියගම ප්‍රදේශ වල ජනතාව තවදුරටත් දැඩි සේ පීඩාවට පත්වනු ඇති.
මේ අර්බුදය 2020 වන විට තවත් බොහෝ සෙයින් වර්ධනය වනු ඇතැයි සිතිය හැකිය.
ලෝකයේ බොහෝ රටවල් ස්වකීය අගනගර හරහා ගලා බසින දැවැන්ත ගංගාවන් දෙපස ආර්ථික කලාප බවට පත්කරගෙන තිබෙනවා.
එංගලන්තයේ තේම්ස් නදිය, තායිලන්තයේ බැංකොක් අගනුවර හරහා ගලා බසින චාබෝ පාරෝ ගංගාව, සිංගප්පුරුව හරහා ගලා යන කෙලෑන් ගංගාව ආශ්‍රිත මිටියාවත් එම රටවල් ආර්ථික මිටියාවත් බවට පත්කරගෙන තිබෙනවා.
ගංවතුරක දී හෝ වැසිසහිත ආපදාවක දී වැඩි ජලය එකතු වීමට දැවැන්ත වැව් ඉදිකිරීම ද ලෝකයේ දක්නට ලැබෙන ප්‍රවණතාවයක්.
2020 ජනාධිපතිවරණයේ ආර්ථික කාරණා මත සිය ප්‍රතිපත්ති සකස් කරන ඕනෑම අපේක්ෂකයෙකුට කැළණි ගංවතුරට ලබාදිය හැකි විසඳුම එම අපේක්ෂකයාගේ ජයග්‍රහණය සඳහා මහත් පිටුබලයක් වනු ඇති.
COMMENTS