පානදුර ලංගම බස් නැවතුම්පළ අසළ එලවලු විකුණමින් සිටි තරුණයෙකුගේ එලවලු කරත්තය පානදුර නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරීන් විසින් බිමට ඇද දැමූ පුවතක...
පානදුර ලංගම බස් නැවතුම්පළ අසළ එලවලු විකුණමින් සිටි තරුණයෙකුගේ එලවලු කරත්තය පානදුර නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරීන් විසින් බිමට ඇද දැමූ පුවතක් වාර්තා වේ.
ඒ එම ස්ථානයේ වෙළදාම් කිරීම නීතිවිරෝධි බව පවසමිනි. කෙසේ වෙතත් එම අවස්ථාවේදී නගර සභා නිලධාරීන්ගේ සහයට පොලිස් නිළධාරීන්ද සිටි බව වාර්තා වේ.
එම එලවලු තොගය නිසිලෙස ඉවත් කර ගැනීමට බලධාරීන් විසින් ඉඩ නොදි එම එලවලු බිම දැමු බවට සමාජ ජාලා මාධ්‍ය වල පානදුර නගර සභා නිලධාරීන්ට සහ පොලීසියට චෝදනා එල්ල කරයි.
මෙම අවස්ථාවේදී දැඩි ලෙස ආවේගශීලීව අදහස් දක්වන තරුණයා පවසන්නේ තමන් නිත්‍යානුකූල ලෙස ව්‍යාපාරයක් කරමින් ජීවත් වීමට උත්සාහ කළ විට බලධාරීන් ඊට ඉඩ නොදුන් බවද එම ස්ථානයේම මත් කුඩු, කංසා ආදි නීති විරෝධි ව්‍යාපාර වල යෙදෙන පුද්ගලයන්ට බලධාරීන් කිසිදු පියවරක් නොගන්නා බවයි.
තමන් මින් පසු කුඩු විකුණන බවටද එම තරුණයා ආවේගයෙන් කියා සිටියේය.
බොහෝ ජාවාරම්කරුවන්ගේ ආරම්භයට මෙවැනි සිදුවීම් බලපාන බවත්, සමාජ අසාධාරණය හේතුවෙන් ඔවුන් එම තැනට පත් වන බවත් මේ පිළිබදව සමාජජාලා මාධ්‍යයන්හි අදහස් දක්වන පිරිස් සඳහන් කර තිබිණි.
එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න,
COMMENTS