දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මුළු රැයම අවදියෙන්" - ආණ්ඩුව පෙරලන්න මහින්ද කළ කතාව (VIDEO)
Homeප්‍රවෘත්ති

"මුළු රැයම අවදියෙන්" - ආණ්ඩුව පෙරලන්න මහින්ද කළ කතාව (VIDEO)

PropellerAds

වත්මන් ආණ්ඩුව පෙරළීමට එක් වෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරන අතර මුළු රැයම නොනිදා පහන් කිරීමට කටයුතු කරන බව...

එජාපයටත්, ආණ්ඩුවටත් ඉදිරි ගමනක් ඇත්තේ සජිත් දින්නොත් පමණයි.. මහ ලේකම් සියල්ල සජිත් පිට පටවයි
ශිරන්තිව පැරැද්දුවාට සජිත්ට වටිනාකමක් එන්නෙ නෑ. ගෝඨා තමා ඕනේ - අජිත් පී.
‘දග පන්දු අග රජු’ මුරලිදරන් පොහොට්ටුවෙන් දේශපාලනයට.. තොණ්ඩමන්ට අභියෝග කරමින් නුවරඑලියෙන් වේදිකාගතවේ…

වත්මන් ආණ්ඩුව පෙරළීමට එක් වෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරන අතර මුළු රැයම නොනිදා පහන් කිරීමට කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.

අද (05) කොළඹ, ලේක්හවුස් වටරවුමේ පැවැත්වෙන “ජනබලය කොළඹට“ ජන රැළිය මීට සුළු වේලාවකට පෙර අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

අද වන විට ජනතාවට හැම අතින්ම පිඩාවට ලක්වීමට සිදුව ඇති බව ද ඔහු කියා සිටියේය.

ආණ්ඩුව අද වන විට රට බෙදන හොර පනත් ගෙන එන බවත්, රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තුරන් වී ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අද වන විට පළාත් සභා මැතිවරණයක් හෝ ජනතාව ඉදිරියේ පැවැත්වීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බවත් රාජපක්ෂ මහතා කියා සිටියේය.

විපක්ෂයේ කාර්ය බාරය ලෙස ජනතාව සමඟ එක්ව අද දිනයේ මහ පාරේ සිටින්නේ මෙම ආණ්ඩුව පෙරළා දැමීමට බවත් එයට සියලු දෙනාට එක් වෙන ලෙසත් හිටපු ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

පහුගිය කාලයේ තමා විසින් ත්‍රස්ථවාදය තුරන් කළ බවත්, එනිසා අද සියලු දෙනා එය භුක්ති විඳින බවත් පැවසූ රාජපක්ෂ මහතා ඒ සිදු කළ කර්තවය පිළිබඳ සිතා අද දිනයේ සත්‍ය ක්‍රියාවක් සිදු කරන බවත්, එහි ආනිසන්ස බලයෙන් ආණ්ඩුව පෙරළා දැමීමට හැකි වෙනු ඇති බව තමා විශ්වාස කරන බවත් පැවසීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"ඉතාම සාර්ථක රැලියක් පැවැත්වුවා. අපි අලුයම දක්වා මෙතැන රැඳී සිටිනවා. ආණ්ඩුව විවිධ ක්‍රමවලින් ජනතාව පීඩාවට පත්කරන නිසා ජනතාව සියලු දෙනාට රිදිලා තිබෙනවා. රට බෙදන්න ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේනවා. බදු අයකරමින් විශාල පීඩනයකට ලක්කර තිබෙනවා. ඒ නිසා අපට විශාල වගකීමක් තිබෙනවා මැතිවරණයන් ලබා ගන්න. රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. මැතිවරණ තියන්නේ නැහැ. ඒකාධිපතිවාදයකට රට ගෙනියනවා. පළාත් සභා මැතිවරණය කල්දමලා. පාර්ලිමේන්තුවේ අපට කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. 70 වඩා 06යි, 16 ලොකු වෙලා. අපට විපක්‍ෂයේ වගකීම් ඉටු කරන්න දෙන්නේ නැති නිසා තමයි අද පාරට බැස්සේ. යුද්ධය අවසන් කර මිනිසුන්ට හුස්ම ගන්න අවස්ථාව ලබා දුන්නා. ජනාධිපතිට, අගමැතිට යාපනයට ගිහින් මට බණින්න අවස්ථාන දුන්නේ මහින්ද රාජපක්‍ෂ තමයි. එයට විරුද්ධව අපගේ ගමනේ පළමු පියවර තමයි මේ සත්‍යග්‍රහය. මැතිවරණයක් ලබා ගැනීම අපේ යුතුකමක්. වැඩිකල් නොගොස් මේ ආණ්ඩුව පෙරළා දමනවා. ජනතාව එකතු වේවී කියලා හිතනවා" 

එම වීඩියෝව පහතින්,

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29542,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මුළු රැයම අවදියෙන්" - ආණ්ඩුව පෙරලන්න මහින්ද කළ කතාව (VIDEO)
"මුළු රැයම අවදියෙන්" - ආණ්ඩුව පෙරලන්න මහින්ද කළ කතාව (VIDEO)
http://am.lk/media/k2/items/cache/2d0629ebcc61c5de946c21784d2f382d_S.jpg
https://i.ytimg.com/vi/rGNnxfHolos/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/video_5.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/video_5.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy