ගෝඨාභය රාජපක්ෂ මහතාව අධිකරණ තීන්දුවලින් පරාජය කරවීමට තමන්ට කිසිදු වුවමනාවක් නොමැති හෙයින් ඔහුට එරෙහිව ඉදිරිපත් වී ඇති නඩුවලට ආණ්ඩුවේ කිසිදු...
ඒ අනුව ප්‍රතිවාදියා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වනු දැකීම තමන්ගේ කැමැත්ත බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
"අපෙ කිසිම සම්බන්ධයකුත් නෑ නඩුවලට. අපට නඩු තීන්දු හරහා ගෝඨාභය පරාජය කරන්න අවශ්‍යතාවයක් නෑ. ශිරන්ති රාජපක්ෂ මැතිනිය තරග කරලා, එතුමියව අපි අන්ත පරාජයකට පත් කළාට සජිත් ප්‍රේමදාස මැතිතුමාට වටිනාකමක් එන්නෙ නෑ. ඒ නිසා අපට නම් ඕනේ ගෝඨාභයම තමයි" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.
අජිත් පී. පෙරේරා මහතා මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
COMMENTS