ජනබලය කොළඹට ජන රැළියට පැමිණි ඇතැම් අයට ලබා දුන් කිරි පැකට් විෂ වීම සම්බන්ධයෙන් තමන් නොදන්නා බවත් කිරි පැකට් දමා තමාද කිරි බොන නමුත් එවැනි ...
ජනබලය කොළඹට ජන රැළියට පැමිණි ඇතැම් අයට ලබා දුන් කිරි පැකට් විෂ වීම සම්බන්ධයෙන් තමන් නොදන්නා බවත් කිරි පැකට් දමා තමාද කිරි බොන නමුත් එවැනි සිදුවීමක් සිදු නොවූ බවත් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.
ඊයේ (11) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“කිරි මිල වැඩි වීම ගැනද? මම නම් දන්නේ නැහැ එහෙම එකක් ගැන. කාටද විස වෙලා තියෙන්නේ? අපිත් කිරි බොනවා අපිට නම් එහෙම නැහැ. අපිත් දැන් මේ තේ වලට කිරි පැකට් වල තියෙන ඒවානේ දාලා බොන්නේ?”
එම වීඩියෝව පහතින්,
COMMENTS