මේ වන විට කොළඹ තත්වය සාමාන්‍ය වන බවත් ගමනාගමනයට කිසිදු බාධාවක් නොමැති බවත් සඳහන් වේ. ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ ජන බලය කොළඹට විරෝ...
මේ වන විට කොළඹ තත්වය සාමාන්‍ය වන බවත් ගමනාගමනයට කිසිදු බාධාවක් නොමැති බවත් සඳහන් වේ.
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ ජන බලය කොළඹට විරෝධතා රැළිය පැවති ස්ථානවල පිරිසිදු කර ඇත.
නගර සභා සේවකයන් හා අනෙකුත් පිරිස් එකතු වී මෙම පිරිසිඳු කිරීමේ කටයුතු කර ඇත.
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ ජන බලය කොළඹට විරෝධතා රැළිය ඊයේ රාත්‍රියේ අවසන් විය.
ඊයේ (05) මධ්‍යම රාත්‍රී ලේක් හවුස් වටරවුම අභියස රැඳී සිටි ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් එම ස්ථානයේ සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඉන් අනතුරුව පැවති රැළියකින් අනතරුව විරෝධතාව අවසන් කළ බවට ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් විසින් රැස්ව සිටි විරෝධතාකරුවන් අමතමින් ප්‍රකාශ කර තිබේ.
COMMENTS