දුර ගමන් සේවා බස් රථ සඳහා Online ක්‍රමයට ආසන වෙන් කිරීම අනිද්දා සිට ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති එම්. ඒ. පී ...
දුර ගමන් සේවා බස් රථ සඳහා Online ක්‍රමයට ආසන වෙන් කිරීම අනිද්දා සිට ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති එම්. ඒ. පී හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ, මාර්ග 35 කට මෙම සේවාව හඳුන්වා දී ඇති බවයි.
එහිදී බස් ගාස්තුවට අමතරව රුපියල් 30.00 ක මුදලක් අය කර ගන්නා බව ද සභාපතිවරයා සඳහන් කළේ ය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා WWW.NTC BOOKING.LK වෙත පිවිසෙන්නැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
COMMENTS