මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුල ප්‍රශ්න කිරීමේ හැකියාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් ත...
මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුල ප්‍රශ්න කිරීමේ හැකියාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
රාමඤ්ඤ මහා නිඛායේ මහානායක පූජ්‍ය නාපානේ පේමසිරි මහනාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් තිස්ස අත්තනායක මහතා මෙම අදහස් පළ කළේය.
මේ අතර අමාත්‍යධුර ලබාදීමේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ද තිස්ස අත්තනායක මහතා මෙහිදී සඳහන් කළේය.
කෙසේවෙතත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේ ලබන වසර මුලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු රැසක් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වනු ඇති බවයි.
COMMENTS