දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"දේශපාලන විසදුමක් ලබා දෙන ආකාරයක් තවමත් නෑ" - ශ්‍රී ලංකාවේ සිටින ජපන් තානාපතිවරයාට සම්බන්ධන් ගතු කියයි
Homeප්‍රවෘත්ති

"දේශපාලන විසදුමක් ලබා දෙන ආකාරයක් තවමත් නෑ" - ශ්‍රී ලංකාවේ සිටින ජපන් තානාපතිවරයාට සම්බන්ධන් ගතු කියයි

PropellerAds

උතුරු නැගෙනහිර අර්බුදයට රජය විසින් දේශපාලන විසදුමක් ලබා දෙන ආකාරයක් තවමත් පෙනෙන්නට නැති නමුත් දෙමළ ජාතික සන්ධානය ඒ දෙස ඉවසීමෙන් යුතුව බලාස...

අනුන්ගේ පර්යේෂන වාර්තාවක් සොරකම් කල ශ‍්‍රී ලාංකික විද්‍යාඥයා ඇමරිකා සරසවියෙන් නෙරපයි…
අනුර-සජිත් ආර්ථික විවාදය! අපි පොඩි කාලේ යාළුවන්ට ගහගන්න චැලෙන්ජ් කළාම තාත්තව ඉස්කෝලෙට එක්කන් එනවා! හරිනි මන්ත්‍රීතුමිය රනිල්ටත් එන්න කියමු කියලා කියන්නේ ඒ වගේ කතාවක්! සුජීවගෙන් හරිනිට ‌පොඩි නෝන්ඩියක්! VIDEO
42/5 යි… බට්ටිච්චි ගේ වික්‍රමය…

උතුරු නැගෙනහිර අර්බුදයට රජය විසින් දේශපාලන විසදුමක් ලබා දෙන ආකාරයක් තවමත් පෙනෙන්නට නැති නමුත් දෙමළ ජාතික සන්ධානය ඒ දෙස ඉවසීමෙන් යුතුව බලාසිටින බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවේ සිටින ජපන් තානාපතිවරයාට ප්‍රකාශ කොට තිබේ.

ශ්‍රී ලංකාවේ සිටින ජපන් තානාපති කෙන්චි සුගුනුමා (kenchi sugunumaa)  මහතා  පසුගියදා ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයාව පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂනායක කාර්යලයේදී හමු වී තිබේ.

මේ හමුව පැයක පමණ කාලයක් පැවති බව සදහන් කරණ විපක්ෂනායක කාර්යාලය එහිදී වැඩි වශයෙන්ම සාකච්ඡාවට ලක්වූයේ උතුරු නැගෙනහිර දැනට පවතින ගැටළු සම්බන්ධයෙන් බව ද කියා සිටියි.

සම්බන්ධන් මන්ත්‍රීවරයා ජපන් තානාපතිවරයාට පවසා ඇත්තේ දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සදහා මේ දිනවල රජය සමග සාකච්ඡා කිරීමට තමන් සූදානමින් සිටින බවයි.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාරයෙන් පසුව ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත් එහිදී උතුරු නැගෙනහිර අර්බුදයට විසදුමක් සෙවීම සදහා රජය විසින්  ගන්නා බවට පොරොන්දු වූ ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු කරුණු රැසක් පිළිබදව සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය අපේක්ෂා කරණ බවද සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසා තිබේ.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලය විසින් මෙවර ගනු ලබන තීන්දු තීරණ  දෙමළ ජාතික සන්ධානයට මේ අවස්ථාවේදී ඉතාම වැදගත් නිසා ඒ පිළිබදව අවධානයෙන් සිට එම තීරණ ඔස්සේ රජය සමග සාකච්ඡා කිරීම වඩාත් පලදායි වන බව තමන් විශ්වාස කරණ බවද විපක්ෂනායකවරයා ජපන් තානාපතිවරයාට ප්‍රකාශ කොට තිබේ.

උතුරු නැගෙනහිර අර්බුදයට දේශපාලන විසදුමක් ලබාදීම සම්බන්ධයෙන් රජය තවමත් උදාසීන තත්ත්වයක සිටින බවත් සම්බන්ධන් මන්ත්‍රීවරයා ජපන් තානාපතිවරයාට ප්‍රකාශ කොට තිබේ.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "දේශපාලන විසදුමක් ලබා දෙන ආකාරයක් තවමත් නෑ" - ශ්‍රී ලංකාවේ සිටින ජපන් තානාපතිවරයාට සම්බන්ධන් ගතු කියයි
"දේශපාලන විසදුමක් ලබා දෙන ආකාරයක් තවමත් නෑ" - ශ්‍රී ලංකාවේ සිටින ජපන් තානාපතිවරයාට සම්බන්ධන් ගතු කියයි
http://am.lk/media/k2/items/cache/117a4800efc3863c7d0cf7172ecc710a_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_928.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_928.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy