දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

42/5 යි… බට්ටිච්චි ගේ වික්‍රමය…

ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර ගාල්ලේ දී අද පැති  පළමු එක්දින ජාත්‍යාන්තර තරග...

ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර ගාල්ලේ දී අද පැති  පළමු එක්දින ජාත්‍යාන්තර තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 108ක විශිෂ්ට ජයක් ලබාගෙනය.
මේ ජයග්‍රහණය අපට වඩාත් තදින් දැනෙන විශේෂයක් තිබේ. ඒ මේ ජයග්‍රහණයේ තීරණාත්මක පදනම දමන්නේ මොණරාගල පුංචි එකීය. තවමත් 14 වියැති කණ්ඩායමේ බට්ටීය. ක්‍රිකට්වලට ආදරය කරන සියල්ලන්ගේ ආදරණීය දියණිය, නැගනිය වී සිටින මේ  පොඩි එකී ලකුණු 42ට කඩුළු 05ක් දවාගෙනය. මේ ඒ කතාවය.
19න් පහළ තුන්කොන් අන්ර්ජාතික කාන්තා ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගය අද ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගනයේ පැවැත්වූයේ එංගලන්තය සහ ශ්‍රි ලංකාව අතරය.  තරගයේ කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ශ්‍රි ලංකා ක්‍රිඩිකාවෝ පන්දුවට පහරදීම තේරූහ.

ආරම්භක පිතිකාරිනියන්වන සන්ජානා  කාවින්දි ලකුණු 27කි. සුමුදු නිසංසලා ලකුණු 27කි.  මුල්ම කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා ලකුණු 63ක සම්බන්ධතාවයක් ගොඩනගා තිබිණි.  පළමු කඩුල්ල ලෙස සන්ජානා කාවින්දි ලකුණු 27කට දැවී යන්නීය. නායක මධුනි නානායක්කාර හතරේ පහර 05ක් සමග ලකුණු 25ක්, දෙව්මි විහන්ගා හතරේ පහර 4ක් සමග ලකුණු 25ක් රැස් රැස්කර තිබුනහ.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රිඩා කළ රශ්මිකා සෙව්වන්දි පන්දු 58ක දී හතරේ පහර 09ක් සමග ලකුණු 59ක් රැස් කළාය. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු ඕවර 48.4ක දී ලකුණු 226ක ඉලක්කයක් එංගලන්තයට ලබා දුන්හ.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් අමූ සුරෙන්කුමා, සොපියා ස්මෙල්, චාරිස් පවේලි කඩුළු 2 බැගින් බිඳහෙලූහ.

ශ්‍රි ලංකා පන්දු යැවීමේ වික්‍රමය ආරම්භ වන්නේ ඉන් අනතුරුවය.

එංගලන් නායිකා ජෝඩි ග්‍රෙව්කොක් ලකුණු 26ක් ලැබීය. අමූ සූරෙන්කුමා ලකුණු 25ක් රැස් කළේය. අබී නොර්ග්‍රොව් ලකුණු 14කි. අනෙක් එක් ක්‍රීඩිකාවක් හෝ ලකුණු 10 සීමාව ඉක්මවන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ ඉඩ නුදුන්හ.

අමූ සූරෙන්කුමා දුවද්දී දැවී ගියාය. අනෙක් කඩුළු 09ම බෙදී ගියේ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නියන් දෙදෙනාටය. දකුණතින් ඕෆ් බ්‍රේක් පන්දු යවන දෙව්මි විහංගා සහ වමතින් ඕතඩොක් පන්දු යවන මොනරාගල බට්ටී ය. චමෝදි ප්‍රබෝධා ය.

චමෝදි පන්දු ඕවර 9.3ක් යවා ලකුණු 42ට කඩුළු 05කි. දෙව්මි පන්දු ඕවර 10ම යවා ලකුණු 43ට කඩුළු 04කි. රෂ්මිකා සෙව්වන්දි ස රෂ්මි නේත්‍රාන්ජලී පන්දු ඕවර 2 බැගින් යවා තිබුණි. දඟපන්දු යවන්නියන් දෙදෙනා සිය පන්දු ඕවර 20 නිමා කරන්නටත් පෙර එංගලන්ත කණ්ඩායම පන්දු ඕවර 23.3 ක දී ලකුණු 118කට දැවී ගියේය.
මට නම් ඒ ක්‍රිකට් අපූරුය. හිනාවෙවී ක්‍රිකට් විඳිමින් ක්‍රිකට් ගහන පුංචි උන් ඒ ගැසූ ගේම මරුය.  චමෝදිගේ විකට් පහ වගේම පොඩි එකී ක්‍රිකට් විඳිමින් සෙල්ලම් කරන අව්‍යාජ විදිහ මරුය. ඒ පුංචි උන් රොත්තම කදිම බව ආදරයෙන් යුතුව ලියා තැබිය යුතුය.
-lankasara

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28619,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 42/5 යි… බට්ටිච්චි ගේ වික්‍රමය…
42/5 යි… බට්ටිච්චි ගේ වික්‍රමය…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj46_WyieZDQGDX8m4sRlMOOIu-5KJvgRv2u_0kAR05cjJWgzsAH6heMi27dNkPngT62I0s2fTHheiGpV-nU5cR2Lo89MgoE9Y9TMOJDNjGi_1wsm6JCRa1lEX79weBjzdKzanshTW-X7TgV5VBwnl46nA323s-w9xSh8AUEsZTH2PlZHdON4McBWqAAwv5/s320/batti.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj46_WyieZDQGDX8m4sRlMOOIu-5KJvgRv2u_0kAR05cjJWgzsAH6heMi27dNkPngT62I0s2fTHheiGpV-nU5cR2Lo89MgoE9Y9TMOJDNjGi_1wsm6JCRa1lEX79weBjzdKzanshTW-X7TgV5VBwnl46nA323s-w9xSh8AUEsZTH2PlZHdON4McBWqAAwv5/s72-c/batti.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/04/425.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/04/425.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy