මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදී කෲර වදහිංසා කළැයි කියන සිද්ධියට අදාළව අධාර අනුබල දුන්නැයි මාස පහක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු යු...
මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදී කෲර වදහිංසා කළැයි කියන සිද්ධියට අදාළව අධාර අනුබල දුන්නැයි මාස පහක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ (විශ‍්‍රාමික) මේජර් ජනරාල් කුරුප්පු ආරච්චිගේ ධම්මික අමල් කරුණාසේකර මහතා රුපියල් ලක්ෂ 300ක ශරීර ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත‍්‍රාත් ලෝචනා අබේවික‍්‍රම මහත්මිය නියෝග කළාය.
සැකකරුගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය සෑම අවසන් ඉරුදින උදෑසන 10ත් 12ත් අතර කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසටද නියෝග කළේය.
එමෙන්ම, රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇපකරුවන් තුනක් ලෙස ඇප කොන්දේසි ඉදිරිපත් කළ අධිකරණය එම ඇප කරුවන්ගේ ද විදෙස් ගමන් තහනම් කළේය.
ඇප වෙනුවෙන් රජයේ විශේෂඥ ළමා වෛද්‍යවරියක්, යුද හමුදා බි‍්‍රගේඩියර්වරයෙක් සහ සැකකරුගේ ඥාති සොහොයුරෙකු සැකකරු වෙනුවෙන් අධිකරණය හමුවේ ඇප තැන්පත් කරනු ලැබූහ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අපේ‍්‍රල් මස 06 වැනිදාය.
මෙම සිද්ධියට අදාළව යුධ හමුදා බුද්ධි බලකායේ මේජර් ප‍්‍රභාත් ශ්‍රී සීවලී බුලත්වත්ත මහතා ඇතුලූ බුද්ධි නිලධාරීන් හය දෙනකු සැකකරුවන් ලෙසට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන විට ඇප මත සිටිති.
ඉකුත් 2008 මැයි මස 22 වැනිදා රාති‍්‍ර 11. 39 ට පමණ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් නිති විරෝධී ලෙසින් රදවා තබාගෙන කෲර වදහිංසාවලට ලක්කර පසුව මුදා හැර තිබිණී.
COMMENTS