ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් බ්‍රේස් හච්චින්සන් මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා අතර විශේෂ හමුවක් අද(06) යාපනය ආණ්ඩුකාර කාර...
ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් බ්‍රේස් හච්චින්සන් මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා අතර විශේෂ හමුවක් අද(06) යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී සිදුවිය.
එහිදී උතුරේ පවතින සංවර්ධන කටයුතු පිලිබදව හා කෘෂිකාර්මික කටයුතු පිලිබදව දීර්ඝ වශයෙන් ඔවුන් දෙදෙනා අතර අදහස් හුවමාරු වී තිබේ.
ඕස්ට්‍රේලියානු රජයෙන් උතුරේ කෘෂිකාර්මික කටයුතු නවීකරණය කිරීම සදහා යෝජනා සහ අදහස් මෙන්ම යන්ත්‍රෝපකරණද ලබා දෙන බවත් ඕස්ට්‍රේලියානු තාක්ෂණය උතුරු පළාත දියුණු කිරීමට ලබා දිය හැකි බවත් බිම්බෝම්බ ඉවත් කිරීමට නවීන තාක්ෂනය ආධාරයෙන් වැඩ පිළිවෙළක් සකස් කල හැකි බවත් උතුරේ අබාධිත පුද්ගලයින් සදහා ආධාර ලබා දීමටත් උපකරණ ලබා දීමටත් හැකියාව පවතින බව දැනටමත් උතුරු පළාතේ දිස්ත්‍රික්ක 03ක ආබාධිත පුද්ගලයන් පිලිබදව ලේඛණ සකස් කර ඇති බව ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා මෙහිදී පෙන්වා දී ඇත.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඕස්ට්‍රේලියානු තානාපතිවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා රජයට නිරන්තරයෙන් ඕස්ට්‍රේලියානු රජය ආධාර උපකාර කරන බවත් වර්ථමානයේ උතුරේ සංවර්ධනයට ප්‍රමුඛ දායකත්වයක් ලබා දීමට කැමති බවත්ය.
මෙහිදී අදහස් දක්වමින් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ප්‍රකාශ කළේ උතුරු පළාත් සභාවට ලබා දෙන ආධාර නියමානුකුලව ජනතා සුබසාධනය සදහා යොමු කිරීමට තමන් විසින් වැඩපිළිවෙලක් යොදන බවත් උතුරේ සංවර්ධනයට මෙන්ම ගොවීන්ගේ හා සමුපකාර සංවිධානවල දියුණුවට උපකාර කිරීමට ඕස්ට්‍රේලියානු රජය දායකවීම පිලිබදව ඕස්ට්‍රේලියානු තානාපතිවරයාට ශ්‍රී ලංකා රජයේ ස්තූතිය පිරිනමන බවත්ය.
උතුරේ ජනතාවගේ ආර්ථික ශක්තිය වැඩි දියුණු කිරීමට මග පෙන්වීමට සුදානම්ව සිටින ඕස්ට්‍රේලියානු රජයටද උතුරේ ජනතාවගේ ගෞරවය හිමිවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS