ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව දූෂණ විරෝධී බළකාය චෝදනා කළේ...
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව දූෂණ විරෝධී බළකාය චෝදනා කළේය.
ඒ දූෂණ විරෝධී බළකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා ඊයේ (12) මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.
මේ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමටද පැමිණිලි කළ බව කී ඒ මහතා, ඉක්මන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවද කියා සිටියේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“ශ්‍රී ලංකා පොලීසියේ ත්‍රස්ත විමර්ශන අංශයේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා කියන්නේ පෞද්ගලික අභිමතාර්ථවලට වැඩ කරන චරිතයක්. පොලීසියේ 95%ක් විතර පහළ නිලධාරීන් ඉන්නවා එම පුද්ගලයාගේ තාඩන පීඩනවලට ලක්වෙලා. පොලීසියේ බොහෝදෙනා කැමතියි මේ පුද්ගලයා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරනවා නම්. මගේ ජීවිතයට අවදානමක් තියාගෙන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ගැන මම හෙළිදරව් කරන්නේ රට වෙනුවෙන් හිතලයි. මම මේ පුද්ගලයා ගැන පොලිස්පතිතුමාට පැමිණිලි කරන්න ගියේ නැහැ. මොකද නාලක ද සිල්වා මහත්තයා හොඳ කෙනෙක් කියලා මට හඳුන්වලා දෙන්නේ පූජිත ජයසුන්දර මහත්තයා. ඒ නිසා නාලක සිල්වා මෙහෙම වරදක් කළා කියලා පොලිස්පතිට කියනවාද, නැද්ද කියලා මම දෙපාරක් හිතුවා. ඒ නිසයි මම මෙය රටට හෙළි කළේ.”
මෙහිදී ජාතික බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්, නි.පොලිස්පති නන්දන මුණසිංහ යන මහත්වරුන්ට විරුද්ධව අසත්‍ය ප්‍රචාර කර ඔවුන්ගේ සේවය හෑල්ලුවට ලක් කරන ලෙස නි.පො. නාලක ද සිල්වා මහතා තමන්ට පැවසූ බවත්, නාමල් කුමාර මහතා මෙහිදී වැඩිදුරටත් හෙළි කළේය.
COMMENTS