දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපතිවරණ මෙහෙයුමට බැසිල් මුලපුරයි.
Homeගොසිප්

ජනාධිපතිවරණ මෙහෙයුමට බැසිල් මුලපුරයි.

PropellerAds

මාස දෙකකට ආසන්න විදෙස් සංචාරයකින් පසුව පසුගියදා (25දා) යළි දිවයිනට පැමිණිබැසිල් රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මෙහ...

මෛත්‍රී නැවැත්තුවයි කිව්ව සද්ද ප්‍රභූ වාහන සංස්කෘතිය නැවතත්
කලකට පසු විශාලතම ගුවන් යානයක් මත්තලට ගොඩබාලා
වෙඩිසිංහගෙ මළගෙදර මට යන්න බැහැනේ - සුරාජ් කියයි


මාස දෙකකට ආසන්න විදෙස් සංචාරයකින් පසුව පසුගියදා (25දා) යළි දිවයිනට පැමිණිබැසිල් රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු සඳහා මුලපුරා තිබෙන බවත්,ඒ සඳහා ක්‍රමෝපායික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බවත් වාර්තා වේ.

පසුගිය මැතිවරණ සියල්ලෙහි ප්‍රතිඵල පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් සිදු කර ඇති බැසිල් රාජපක්‍ෂ මහතා,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය සම්බන්ධව විද්‍යාත්මකව පුරෝකථනයක් සිදුකර ඇතැයිද වාර්තා වෙයි.

ජනාධිපතිවරණ මෙහෙයුම සැලසුම් කිරීමේදීතවත් විශේෂිත මූලෝපායන් රැසක් ඔස්සේ අවධානය යොමුකළ යුතුයැයිද,උතුරු පළාතේ යාපනය, වන්නි සහ කිළිනොච්චි දිස්ත්‍රික්කවලද, නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලද ඡන්ද පදනම පුළුල් කර ගැනීමේ නව වැඩපිළිවෙළක් සකස් කළ යුතුයැයිද බැසිල් රාජපක්‍ෂ මහතා පොදුජන පෙරමුණේනායකයන්ට පෙන්වා දී තිබේ.

ඒ සඳහා ලබන මස මුලදී එම දිස්ත්‍රික්ක වෙත ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යසාධක බළකායක් මුදාහැරීමට නියමිතව ඇතැයි පොදුජන පෙරමුණ ආරංචිමාර්ග සඳහන් කරයි.

කුලුඳුල් ඡන්ද දායකයන් අතරින් බහුතරය ඉදිරි ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණ වෙත දිනා ගැනීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ සාර්ථක ප්‍රතිඵල අත්කර දෙමින් අවසන් අදියරට පැමිණ ඇතැයිද එම පක්‍ෂයට සම්බන්ධ ආරංචිමාර්ග ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය පැවැත්වීම සඳහා දීප ව්‍යාප්තව ග්‍රාමසේවා වසම් මට්ටමින් ස්ථාපිත පක්‍ෂ ශාඛා ජාලය ලියාපදිංචි කිරීමේ කටයුතු කඩිනම් කර තිබෙන බවත්,ඒ අනුව ජාතික මහා සම්මේලනය මෙම වසර අවසානයේදී පැවැත්වීමට නියමිත බවත් එහි ප්‍රකාශයෙක් පැවසීය.

[Lankadeepa]

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපතිවරණ මෙහෙයුමට බැසිල් මුලපුරයි.
ජනාධිපතිවරණ මෙහෙයුමට බැසිල් මුලපුරයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjXtRfKRzjXRS_NzjIMZZr8pqhTW5QW_XHSbEghrrm39X89IVHwE6tNVZVzgwgFx1UQXKB2uiNeFlpU_OMIzy-92BwQ-mjw8YbIDSpq9d8xTfArWnVxoGhS6bBtNBnKHEk9-UKoUA4baqxP/s1600/1525421781-basil-rajapaksa-almanac-case-5.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjXtRfKRzjXRS_NzjIMZZr8pqhTW5QW_XHSbEghrrm39X89IVHwE6tNVZVzgwgFx1UQXKB2uiNeFlpU_OMIzy-92BwQ-mjw8YbIDSpq9d8xTfArWnVxoGhS6bBtNBnKHEk9-UKoUA4baqxP/s72-c/1525421781-basil-rajapaksa-almanac-case-5.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_774.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_774.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy