එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සමුළුව ඇමතීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද(22) ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියේය. එක්සත...
එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සමුළුව ඇමතීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද(22) ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියේය.
එක්සත් ජාතීන් සියලූම ජනතාවට සමීප කරවීම හා සාධාරණ, සාමකාමි සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම, තේමාව යටතේ එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ 73 වන සැසිවාරය නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ දී පැවැත්වේ.
එහි ප‍්‍රධාන සැසිවාරය ලබන 25 වැනිදා ආරම්භ කෙරෙන අතර එදින පස්වරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සැසිවාරය අමතා සිය විශේෂ දේශනයක් සිදු කිරීමට නියමිත ය.
එම විශේෂ දේශනය සිදු කරමින් ජනාධිපතිවරයා විශේෂ විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කරන අතර එහිදී ජාත්‍යන්තරය හමුවේ මතුව ඇති ප්‍රශ්නාවලියට තිරසාර විසඳුමක් සහිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තා වේ.
මේවන විට එම යෝජනාවලිය පිළිබඳ ජාත්‍යන්තරයේ දැඩි අවධානය යොමුව තිබෙන අතර විදෙස් තානාපතිවරුන්ද ජනාධිපතිවරයා හමුවීමට බලාපොරොත්තු වන බව රජයේ ආරංචි මාර්ග පැවසී ය.
ඒ අනුව ජනාධිපතිවරයාගේ එම විශේෂ යෝජනාවලියට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තරයේ ප්‍රබල රටවල් දැඩි අවධානයෙන් පසු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
කෙසේ වෙතත් ඉතිහාසයේ පළමු වතාවට මෙරට සිදු වූ මානුෂීය මෙහෙයුමෙන් ශ්‍රි ලංකා හමුදාවට සිදු වූ අපකීර්තියෙන් ගලවා ගැනීම සදහා රටට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවට විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේදී ප්‍රකාශ කළේය.
ජනපතිගෙන් මධ්‍යස්ථ යෝජනාවලියක්
මෙම යෝජනාව මගින් ජාතයන්තර යුධ අධිකරණයක් සදහා ඉදිරිපත් ව තිබෙන යෝජනාව පහසුවෙන්ම නිෂ්ප්‍රභ වනු ඇති අතර ඒ අනුව මෙම යෝජනාවලිය මගින් දෙමල ඩයස්පෝරාව මෙන්ම ශ්‍රි ලංකාව පාර්ශ්වයත් පිළිගත හැකි මධ්‍යස්ථ යෝජනාවලියක් ද වනු ඇතැයි වාර්තා වේ.
ඊට සමගාමීව මානව හිමිකම් පිළීබඳ නව මහ කොමසාරිස්වරිය ද පළමු වරට හමුවන බවත් ඇය ට ද ලිඛිත යෝජනාවලියක් ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ හිතවාදී ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන විවිධ චෝදනා ඉදිරිපත් කරන බවත් වත්මන් ආණ්ඩුව බලයට පත්විමට පෙර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ පැවැති දුරස්තභාවය මඟහැර මිත්‍රශිලි භාවයක් ඇති කර ගැනීමට රජයට හැකි වු බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.
රටේ ආරක්ෂක තත්ත්වය කිසිලෙසකින් දුර්වල වී නොමැති බවත් හමුදාව නිරන්තරයෙන් ශක්තිමත්ව ක්‍රියාත්මක වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබිණි.
මේ අතර, ලබන සඳුදා ජනාධිපතිවරයා ලෝක මත්ද්‍රව්‍ය ගැටළුව පිළිබද ගෝලීය ක්‍රියාමාර්ගයන් සඳහා වූ හමුවට එක්වන අතර අනතුරුව එදිනම නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුවේ සමාරම්භක අවස්ථාවට ද එක්වීමට නියමිතය.
ඉන් අනතුරුව 26 වන බදාදා ජනාධිපතිවරයා ක්ෂය රෝගය පිළිබද විශේෂ වැඩසටහනකට ද එක්වීමට නියමිත අතර, ඉන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව අරමුදලක් පිහිටුවීමේ ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට ද සහභාගී වීමට නියමිතය.
COMMENTS