දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බස්රථවල ආසන වෙන් කරන අලුත් ක්‍රමයක්!
Homeගොසිප්

බස්රථවල ආසන වෙන් කරන අලුත් ක්‍රමයක්!

PropellerAds

පෞද්ගලික බස්රථ යොදා ගනිමින් කොළඹ සිට දුර ගමන් සේවා වල යන මගීන්ගේ පහසුව සඳහා ජාතික ගමනාගමන කොමිසම විසින් නව වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ....

බස් රථ සේවක වර්ජනය අසාර්ථකයි!
මහින්දගේ මස්සිනාගේ නියෝගයකින් කෝටියකට අධික පාඩුවක්.
මාලගමුවගේ ආරක්ෂාවට පොලිස් බුද්ධි අංශය.


පෞද්ගලික බස්රථ යොදා ගනිමින් කොළඹ සිට දුර ගමන් සේවා වල යන මගීන්ගේ පහසුව සඳහා ජාතික ගමනාගමන කොමිසම විසින් නව වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව www.ntcbooking.lk වෙබ් අඩවිය අන්තර්ජාල පහසුකම් ඇති ඕනෑම පරිගණකයකින් හෝ ජංගම දුරකථනයකින් තමන්ට අවශ්‍ය ආසන වෙන් කරවා ගැනීමට ඊයේ(26) දින සිට හැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය අවධාරණය කරයි.

මෙම  online වෙබ් අඩවිය ආරම්භ කිරීම ඊයේ දින සවස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් බත්තරමුල්ලේ පිහිටි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණ.

මෙම ආසන වෙන්කිරීමේ වැඩපිළිවෙල යටතේ පෞද්ගලික බස් රථයකින් ගමන් ගන්නා සෑම මගියෙකුටම අවම පිරිවැයකින් හා විශ්වාසනීයත්වයෙන් යුතුව එම ගමන සැළසුම් කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. 

මේ සඳහා මගියෙකුට තමන්ගේ ටිකට් පතේ ගාස්තුවට අමතරව රුපියල් 30ක් වැනි අමතර මුදලක් ගෙවීමට සිදුවනු ඇත. 

දැනට මාර්ග ගත ආසන වෙන්කර ගැනීම වෙනුවෙන් මගීන් විවිධ පෞද්ගලික ආයතනවලට හා පුද්ගලයින්ට අධික මුදල් ප්‍රමාණයක් ගෙවීමට හා තැරැව්කරුවන්ගේ බලපෑම්වලට මගීන්ට මුහුණ දීමට සිදුවී ඇත.

මෙම නව වැඩපිළිවෙල ආරම්භ වීමත් සමඟම බාධාවකින් තොරව පහසුවෙන් තම ආසනය මගියාට වෙන්කරවා ගැනීමට හැකියාව ලැබෙන බව අමාත්‍යාංශය තවදුරටත් අවධාරණය කරයි.

මෙහි මුල් අදියර යටතේ කොළඹ සිට කතරගම - යාපනය - බදුල්ල - අම්පාර - දෙණියාය- පස්සර - ලුණුගල - අකුරැස්ස - තිරුකෝවිල් - මඩකලපුව - පේදුරුතුඩුව - මඩොල්සිම - අනුරාධපුර - ඩයගම- ත්‍රිකුණාමලය වැනි දුරස්ථ සේවා ඇතුලු සේවා 35 ක මාර්ග ගත ආසන වෙන්කිරීමේ පහසුකම් ලබාදීමට ජාතික ගමනාගමන කොමිසම කටයුතු කර ඇත.

පොදු ප්‍රවාහන සේවාවේ ගුණාත්මකභාවය වැඩිදියුණු කරමින් රාජ්‍ය අංශය විසින් දියත් කරන සුරක්ෂිතභාවය සමඟ පොදු මහජනතාවට ලබාදෙන මෙම පහසුකම තුළින් තව තවත් මගී ජනතාව පොදු ප්‍රවාහන සේවාවට ආකර්ශණය කරගැනීම මෙම වැඩපිළිවෙලෙහි අරමුණ වී ඇත. 

මෙම වැඩපිළිවෙලේ 2 වන අදියර යටතේ ඩිජිටල් කාඩ් පතක් මඟින් වෙන් කරන ලද ආසන සඳහා මුදල් ගෙවීමේ පහසුකම් ලබාදීමටද කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිසම අවධාරණය කරයි.

මෙම online ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, අමාත්‍යාංශ ලේකම් ජී.එස්.විතානගේ, ජාතික ගමනාගමන කොමිසමේ සභාපති එම්.ඒ.පී.හේමචන්ද්‍ර යන මහත්වරුන් ඇතුලු අමාත්‍යාංශයේ නිලධාරීන්ද, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති, මහජන බැංකුවේ නිලධාරීන් පිරිසක්ද සහභාගී විය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29425,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බස්රථවල ආසන වෙන් කරන අලුත් ක්‍රමයක්!
බස්රථවල ආසන වෙන් කරන අලුත් ක්‍රමයක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhDSwwYThyO85rvYMESDUT8XdKQ1Hws3CC6FARJ_cGQD_wzFU3nN9OjZIVXpeapZF5pIecnn5BW7qabKizuC2nm2bd35EzecWCnxpkpuq2DcFk_WLJaIZUTO57yR7GeDe55Hux4f_Ot4xnr/s1600/carousel_large_gallery03.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhDSwwYThyO85rvYMESDUT8XdKQ1Hws3CC6FARJ_cGQD_wzFU3nN9OjZIVXpeapZF5pIecnn5BW7qabKizuC2nm2bd35EzecWCnxpkpuq2DcFk_WLJaIZUTO57yR7GeDe55Hux4f_Ot4xnr/s72-c/carousel_large_gallery03.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_676.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_676.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy