ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතාට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් සහ ඒ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස්පති පුජිත් ජයසුන්ද...
ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතාට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් සහ ඒ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ නියෝගය මත පොලිස් බුද්ධි අංශය යොදා තිබේ.
ඩිලන්ත මාලගමුව මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරවන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා කියා සිටියේ ඩිලන්ත මාලගමුව පොලිස් මුලස්ථානයට මීට මාසයකට පමණ පෙර පැමිණිල්ලක් කර ඇති බවයි. ඒ සම්බන්ධව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ පරීක්ෂණයක් ආරම්භ කර අවස්ථා කිහිපයක්ම ඩිලන්ත මාලගමුව මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද ඒ මහතා විදෙස් රටකට ගොස් සිටි නිසා එම උත්සාහය ව්‍යර්ත වූ බවයි.
අනතුරුව ඒ මහතා මෙරටට පැමිණි පසු පෙරේදා යළි පරීක්ෂණ ආරම්භ කළ බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
ඩිලන්ත මාලගමුව මහතාට තර්ජන එල්ල කර ඇති බවට සඳහන් කෙරෙන්නේ මාතර රන්බඩු කොල්ලයට අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් බාරයට පත්කර සිටින පාතාලයේ තාරක නැමැත්තා බවට තොරතුරු හෙළිවී ඇත.
2003 වසරේ දී ඩිලන්ත මාලගමුව මහතා අක්කර 900ක තේ ඉඩමක් බද්දට ගෙන තිබී ඇත. එම ඉඩම ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් එකකි. 2016 වසරේ දී බෙවන් පෙරේරා නැමැති පුද්ගලයෙක් එම ඉඩමේ බදු ගිවිසුම අවලංගු කිරීමට කටයුතු කර තිබේ. ඒ සම්බන්ධයෙන් ඩිලන්ත මාලගමුව මහතා පසුගිය දා මෙසේ පැමිණිල්ලක් කර තිබෙන බවද ප්‍රකාශ වෙයි.
මේ පැමිණිල්ලට අනුව ඩිලන්ත මාලගමුව මහතාගෙන් ප්‍රකාශයක් ගැනීම පිණිස ඒ මහතා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කොළඹ උතුර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත කැඳවා ප්‍රකාශයක් ලබා ගැනීම සිදු විය. මෙහිදි ඩිලන්ත මාලගමුව මහතාට එල්ල වී ඇති තර්ජන සහ එම තර්ජන පිටුපස සිටින්නේ කවුද යන්න සම්බන්ධ සියලු තොරතුරු පොලිසිය ඉදිරියේ හෙළිදරව් කර තිබුණි. පැය දෙකක පමණ කාලයක් ඩිලන්ත මාලගමුව මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය කියයි.
මෙම ප්‍රකාශයෙන් හෙළි වු පුද්ගලයන් ගෙන් මේ සම්බන්ධව ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතව ඇත.
COMMENTS