දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්දගේ මස්සිනාගේ නියෝගයකින් කෝටියකට අධික පාඩුවක්.
Homeගොසිප්

මහින්දගේ මස්සිනාගේ නියෝගයකින් කෝටියකට අධික පාඩුවක්.

PropellerAds

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ බිරිඳගේ සොහොයුරා වන  නිශාන්ත වික්‍රමසිංහ මහතා ගුවන් කළමනාකරු...

නාගරික වායු දූෂණයට පිළියම් ලෙස චීනය උද්‍යාන ගොඩනැගිලි තැනීම අරඹයි
SB ගේ පිස්සො වගේ පිස්සො වගේ කතාව (බ්‍රහස් කාටූන්)
යහපාලන රජයේ රාජ්‍ය ආයතන පාඩුව කෝටි 11000 - හඳුන්නෙත්ති


ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ බිරිඳගේ සොහොයුරා වන නිශාන්ත වික්‍රමසිංහ මහතා ගුවන් කළමනාකරුවන්ගේ තීරණය වෙනස් කරමින් ප‍්‍රංශය බලා පිටත්වීමට නියමිතව තිබූ ගුවන් යානයක් සම්බන්ධයෙන් දුන් නියෝගයක් හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රුපියල් කෝටියකට අධික පාඩුවක් දැරීමට සිදු වූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් කළමනාකරුවෝ ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ආයතනවල දූෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ ඊයේ (15දා) හෙළි කළහ.

මේ හේතුවෙන් ගුවන් මගීන් 128 දෙනෙකුට සිය ගමනාන්ත වැරදුණු බවත්, ඉන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට විඳීමට සිදු වූ පාඩුවට වඩා, එහි කීර්තිනාමයට අති විශාල කැළලක් සිදු වූ බවත් ඔවුහු කොමිසමට පෙන්වා දුන්හ.

2006 ජනවාරි මස පළමුවැනිදාත් 2008 ජනවාරි මස පළමුවැනිදාත් අතර කාලය තුළ ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ආයතනවල දූෂණ සෙවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමක් පත් කරන ලදී.

අතිරේක සොලිසිටර් ජනරාල් නීල් උනම්බුව මහතාගේ මෙහෙයවීම යටතේ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් කළමනාකරුවන් වන ධම්මික සේනානායක සහ ශයිලාන් නිශාන්ත හඳපාන්ගොඩ මහත්වරු මෙසේද පැවසූහ.

“2014 ජනවාරි මස 25 වැනිදා උදෑසන සිට 26 වැනිදා උදෑසන දක්වා කටුනායක ගුවන්තොටුපළේ ගුවන් මෙහෙයුම් කළමනාකරවරයා ලෙස මා කටයුතු කළා. එදින අපේ ගුවන් යානා දෙකක් කාර්මික දෝෂවලට ලක් වී තිබුණා. මේ නිසා කොළඹ සිට ප්‍රංශයේ ෆ්‍රැන්ක්පර්ට් නුවරට යන ගුවන් යානය නියමිත වේලාවට යවන්නත් කොළඹ සිට ප්‍රංශයට යන ගුවන් යානය ප්‍රමාද කිරීමටත් අපි තීරණය කොට තිබුණා. එසේ කිරීමෙන් සමාගමට කිසිදු පාඩුවක් සිදු නොවන ආකාරයට එය  කළමනාකරණය කර ගැනීමට අපට හැකියාව තිබුණා.

එසේ තිබියදී 26 වැනිදා උදෑසන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා මට දුරකථනයෙන් කතාකොට කොළඹ සිට ප්‍රංශයට යන ගුවන් යානය කිසිදු ප්‍රමාදයකින් තොරව යවන ලෙස මට දැනුම් දුන්නා. එම ගුවන් යානයේ විශේෂ දූත කණ්ඩායමක් යෑමට සිටින බව ඔහු මට කීවා.

කොමිසම - එම විශේෂ දූත කණ්ඩායම කවුද කියා ඔබ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාගෙන් විමසුවද?

පිළතුර.   නැහැ.  මා එහෙම විමසුවා නම් ඔහුට තරහා යෑමට හැකියි.

කොමිසම - මෙම ගුවන් ගමන් ප්‍රමාදය පිළිබඳ ඔබ කිසිවෙකුට හෝ ඊමේල් පණිවුඩ මගින් දැනුම් දුන්නාද?

පිළතුර -   ඔව්. මා ඒ පිළිබඳ ඉහළ නිලධාරීන්ට මෙන්ම ගුවන් යානා කාර්යමණ්ඩලයටත් දැනුම් දුන්නා.

කොමිසම - එම ඊමේල් පණිවුඩය සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාටත් යැව්වද?

පිළිතුර -  ඔව්.

එසේ තිබියදී තමයි නිශාන්ත වික්‍රමසිංහ මහතා මට දුරකථනයෙන් කතාකොට කොළඹ සිට ප්‍රංශයට යන ගුවන් යානය කිසිදු ප්‍රමාදයකින් තොරව යවන ලෙසත්, එම ගුවන් යානයේ විශේෂ දූත කණ්ඩායමක් යෑමට සිටින බවත් දැනුම් දීම නිසා අපි සභාපතිතුමාගේ නියෝගය අනුව එම ගුවන් යානය නිසි වේලාවට යැව්වා.

එමනිසා එම ගුවන් යානයට පැමිණීමට නියමිතව සිටි පිරිස්වලට හා ප‍්‍රංශයේා ෆැන්ක්පර්ට් ගුවන් තොටුපළවලින් යෑමට සිටි පිරිස් ඔවුන්ගේ ගමනාන්තවලට යෑම සඳහා වෙනත් ගුවන් සමාගම්වලට මුදල් ගෙවා ගුවන් ටිකට් පත් මිලදී ගැනීමට සිදුවීම නිසා විශාල වියදම් දැරීමට සිදුවුණා.

මේ සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඇමෙරිකානු ඩොලර් 90,260ක (රුපියල් එක්කෝටි දාහත් ලක්‍ෂයකට අධික මුදලක්) පාඩුවක් සිදුවුණා.

වැඩිදුර සාක්ෂි විභාගය පැවැත්වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්දගේ මස්සිනාගේ නියෝගයකින් කෝටියකට අධික පාඩුවක්.
මහින්දගේ මස්සිනාගේ නියෝගයකින් කෝටියකට අධික පාඩුවක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgLhkLlsMmciEhy14APC9iB2lOAK9TdFO7bpGOfi0xKTnEUhPQVNp9j30ZgeQ_kH3CdJJ2IyVxhFn8B-3uLl8i0p9nhcQoNlBaxMZE9NjGbbvdKMj-KqbXHaoHDjMC5KldaYzxUNFuBZ0E_/s1600/15-09.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgLhkLlsMmciEhy14APC9iB2lOAK9TdFO7bpGOfi0xKTnEUhPQVNp9j30ZgeQ_kH3CdJJ2IyVxhFn8B-3uLl8i0p9nhcQoNlBaxMZE9NjGbbvdKMj-KqbXHaoHDjMC5KldaYzxUNFuBZ0E_/s72-c/15-09.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_817.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_817.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy