මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගෙන ඇති අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඔහුගේ නිවසට එල්ල වූ ප‍්‍රහාරය පිළිබද...
මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගෙන ඇති අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඔහුගේ නිවසට එල්ල වූ ප‍්‍රහාරය පිළිබදව චමුදිත සමරවික‍්‍රම මහතාගෙන් විමසා ඇති බව දැනගන්නට ඇත.
ඊයේ පෙරවරු 7.45 ට පමණ චමුදිත සමරවික‍්‍රමට දුරකථන ඇමතුමක් ගෙන තිබෙන අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සැක කවුරුන් හෝ සිටීදැයි මාධ්‍යවේදියාගෙන් විමසා ඇති බව පැවසේ.
එසේ පුද්ගලයන් සැක කිරීමේ හැකියාවක් තමන්ට නැති බව කියා ඇති මාධ්‍යවේදියා, ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයන් වහා අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

COMMENTS