මහින්ද රාජපක්ෂ කාලය තුළ රට පාලනය කළේ වෙඩි තියා මරා දමමින් බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ...
මහින්ද රාජපක්ෂ කාලය තුළ රට පාලනය කළේ වෙඩි තියා මරා දමමින් බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ ඊයේ (31) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මහින්ද රාජපක්ෂ පාලන කාලයේ ධීවර උද්ඝෝෂණයක් අතරතුර තම ඉල්ලීම් ඉල්ලූ ඇන්ටනී ප්‍රනාන්දු නම් ධීවරයා මිය ගිය බවත්, රතුපස්වල සිදුවීමේදී වතුර ඉල්ලූ පිරිසව වෙඩි තබා ඝාතනය කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා අවුරුදු 2ක් නැති කර ගත් බවද, පාද යාත්‍රාවේ මහනුවර සිට කොළඹට පයින් එන විට තවත් 2ක් නැති කර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
ඒ අනුව ආසන සංවිධායක තනතුර හා පක්ෂ සාමාජිකත්වයද නැති කරගන්නා බව ඒ මහතා පෙන්වා දෙයි.
එමෙන්ම පාද යාත්‍රාව අතරතුර ගිලන් රථයට පහරදීමේ සිදුවීම කණ්ඩායමක් එකට එකතු වී ප්‍රචණ්ඩත්වයේ යෙදීමක් බවත්, එය නීති විරෝධී ජනරාශියක් බවද ඒ මහතා පවසයි.
මේ යටතට මහින්ද රාජපක්ෂ මහතා අයත් වන බවද ඒ මහතා පෙන්වා දෙයි.
මෙම ජනරාශිය යටතේ මේ වන තෙක් කිසිඳු ශ්‍රී ලාංකික ජන නායකයෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවත්, මේ යටතේ පළමුවන නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ගොඳුරුවීමට ඉඩ ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.
සඟ-වෙද-ගුරු-ගොවි -කම්කරු යන සියලු දෙනා එක්වී 1994දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහා පෙරළියක් ඇති කළ බවද, අද එහි පෙරළි කරන්න යන්නේ හොරුන් පමණක් බවද ඒ මහතා පවසයි.
එමෙන්ම මෙම පාද යාත්‍රාව සඳහා බෙංගමුව බ්ග්‍රේඩ් එක, රාවනා බ්ග්‍රේඩ් එක හා බොදුබල සේනා බ්ග්‍රේඩ් එක යන හමුදා බලකායවල් විසින් පොරොන්දු වූ පරිදි පිරිස් මෙම පාද යාත්‍රාව සඳහා සහභාගී කර නොමැති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
COMMENTS