දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තිලංග ක්‍රිකට් විධායක කමිටුවෙන් එළියට විසිවෙයි !
Homeප්‍රවෘත්ති

තිලංග ක්‍රිකට් විධායක කමිටුවෙන් එළියට විසිවෙයි !

PropellerAds

ඔ ට්ටු ඇල්ලීමේ සහ සූදු ව්‍යාපාරිකයන්ට ක්‍රීඩා පරිපාලනයට පැමිණීම වළක්වාලමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා පනතේ සංශෝධනයක් ස...

විද්‍යා පීඨ බඳවාගැනීමේ ක්‍රම 2ක් නිසා අර්බුදයක්
චිලී අත්අඩංගුවට
වතු කම්කරුවන්ට සහයෝගය දක්වා මඩකලපුවේ උද්ඝෝෂණයක්
ට්ටු ඇල්ලීමේ සහ සූදු ව්‍යාපාරිකයන්ට ක්‍රීඩා පරිපාලනයට පැමිණීම වළක්වාලමින් ක්‍රීඩා
අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා පනතේ සංශෝධනයක් සදහා ඊයේ (22දා) විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ බව ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවසීය. මෙම සංශෝධනය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේත් එකඟතාව හිම් වුණු බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේය.

මේ අනුව මෙතෙක් කලක් හිටපු සභාපති වශයෙන් ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කළ තිලංග සුමතිපාල මහතාට එම තනතුර  අහිමි වේ. තිලංග සුමතිපාල ක්‍රිකට් විධායක  කමිටුවෙන් ඉවතට විසිවෙද්දී විධායක කමිටුව නියෝජනය කිරීමේ අවස්ථාව ජයන්ත ධර්මදාස මහතාට හිමිව තිබේ. ඒ මීට පෙර ඡන්දෙන් පත්වුණු නිලධාරි  මඬුල්ලක සභාපතිත්වය හෙතෙම දැරීම හේතුවෙනි. ඒ 2013-2015 කාල සීමාව තුළදීය.

තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කළ නොහැකි බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සාමාජික සංගම් 03ක් ඉදිරිපත් කර තිබු පෙත්සම් සලකා බලමින් අමාත්‍යවරයා මෙම තීන්දුව ගෙන තිබේ. ඊට පෙර අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඒ පිළිබඳව කරුණු විමසා ඇති අතර, එහෙත් ඔවුන් දැක්වූ පිළිතුරු සාධාරණ සහ යුක්ති සහගතභාවයකින් තොර වීම හේතුවෙන් අමාත්‍යවරයා මෙම තීන්දුවට පැමිණ තිබේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා,

"අද අපි ගැසට් ඒකක් ඉදිරිපත් කරලා තියෙනවා, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතිය සංශෝධනයක් කරන්න. එහිදී අපි විශේෂයෙන් කරලා තියෙන්නේ, කිසිම බුකී ගනුදෙනුවකට එහෙමත් නම් ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරවලට සම්බන්ධ කිසිම කෙනෙක්ට ක්‍රීඩා සංගම්වල පරිපාලනයට සම්බන්ධ විය නොහැකියි කියලා. මම ඒක අත්සන් කරලා ගැසට් කරන්න යවලා තියෙනවා.ඊට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයත් පැහැදිළිව එකඟතාව පළ කරලා තියෙනවා.

අයිසීසී ව්‍යවස්ථාවේ තියෙන විදිහටම පැහැදිලිව ඒක කියලා තියෙනවා, පවුලේ කිසිම සාමාජිකයෙක් හර් සම්බන්ධයි නම් ඔවුන්ට කිසිම නිල තලයක් දරන්න බැහැ කියලා. අපිට නෙමෙයි තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කිරීම ප්‍රශ්නයක් තිබුණේ. එහෙම ප්‍රශ්නයක් තිබුණේ අයිසීසී එකට. අපි අයිසීසී එකෙන් විමසුවා, ඔහුට ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කරන්න පුළුවන්ද කියලා.

ඔවුන් පැහැදිලිව කිව්වා අයිසීසී එකේ කිසිම තනතුරක් දැරීමේ හැකියාවක් ඔහුට නැහැ කියලා. අයිසීසී එකේ ඉන්න බැරි නම් ඔහුට ලංකාවේ එම තනතුරේ ඉන්නත් බැහැ. එනිසා අපි පැහැදිලිව සමහර තීන්දු තීරණ ගන්නවා. ඒවා අමිහිරියි, නීරසයි. ඒත් කරන්න දෙයක් නැහැ. අපිට හරි තීන්දු ගන්න වෙනවා” යැයි පවසා සිටියේය.

තිලංග සුමතිපාල මහතා තමන්ට ඔට්ටු ඇල්ලිමේ ව්‍යාපාරවලට සම්බන්ධතාවක් පවතින බව පාර්ලිමේන්තුවේදී පිළිගෙන තිබුණු අතර, එහි වැඩි පිටපත් සහ ඊට අදාළ වෙනත් ලිපි ලේඛන යොමු කරමින් අදාළ ක්‍රීඩා සමාජ ත්‍රිත්වය මෙම පෙත්සම
ගොනු කර තිබුණි.

-පැතුම් ශ්‍රි විජේරත්න-


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29555,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තිලංග ක්‍රිකට් විධායක කමිටුවෙන් එළියට විසිවෙයි !
තිලංග ක්‍රිකට් විධායක කමිටුවෙන් එළියට විසිවෙයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgc7NNvThj9QUww9WCfOucpVniJmlIQ1D7gnsxgt8p-As0fdEte7a1f3bMv0rE6xA18iTjBMLzXa_g41V5zVr58dqWCSOH5Rtpm9HFMfABFdlywknExjoBcqLKklymHI04gjz1Lxryg4hTB/s320/1545048182-thilanga-sumathipala-5.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgc7NNvThj9QUww9WCfOucpVniJmlIQ1D7gnsxgt8p-As0fdEte7a1f3bMv0rE6xA18iTjBMLzXa_g41V5zVr58dqWCSOH5Rtpm9HFMfABFdlywknExjoBcqLKklymHI04gjz1Lxryg4hTB/s72-c/1545048182-thilanga-sumathipala-5.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_286.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_286.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy