දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකාවේ මුල්ම තේ වත්තත් සමාගමකට දීමේ සූදානමක්
Homeප්‍රවෘත්ති

ලංකාවේ මුල්ම තේ වත්තත් සමාගමකට දීමේ සූදානමක්

PropellerAds

ශ්‍රී ලංකාවේ මුල්ම තේ ගස රෝපණය කරන ලද ලූල්කඳුර තේ වත්තේ හෙක්ටයාර් 20 ක්  ඇතුළුව දිවයිනේ මේවන විටත් රජය සතුව පවතින වතු රැසක් ඇතැම් සමාගම්වල...

කාලය ගත වෙනවා.. දේශපාලන තීන්දුවක් ගන්න වෙනවා - දිනේෂ්
ගෝඨාට එරෙහි ඇමරිකාවේ පැවරූ නඩු බල රහිත වේ !
ඇමතිවරයෙක් ඉවත් කරපු විග්නේෂ්වරන් වැරදිකරු වෙයි
ලංකාවේ මුල්ම තේ වත්තත් සමාගමකට දීමේ සූදානමක්

ශ්‍රී ලංකාවේ මුල්ම තේ ගස රෝපණය කරන ලද ලූල්කඳුර තේ වත්තේ හෙක්ටයාර් 20 ක්  ඇතුළුව දිවයිනේ මේවන විටත් රජය සතුව පවතින වතු රැසක් ඇතැම් සමාගම්වලට ලබා දීමට රජය පියවර  ගෙන ඇති බව කදුරට ජනතාවගේ ඉඩම් අයිතිය සඳහා වන ව්‍යාපාරය චෝදනා කරයි.

අද 04 වනදා සවස මහනුවර ඩෙවෝන් රෙස්ට්හිදී පැවැති මාධ්‍ය හමුවේදී එහි සාමාජිකයින් මේ බව සඳහන් කළහ.

මෙහිදී අදහස් දැක්වූ එම සංවිධානයේ සම්බන්ධීකාරක තංගවේල් ගනේෂලිගම් මහතා සඳහන් කළේය.

"කඳුරට ජනතාවගේ ජීවිතයේ විශාල අසාධාරණයක් සිදු වෙමින් තිබෙනවා. වර්තමානය වන වට වතු  සියල්ලම වාගේ පෞද්ගලීකරණය කර තිබෙනවා. 1992 දී වතු පෞද්ගලික අංශය වෙත ලබා දීමේදී වතු සමඟ එහි සේවය කළ කම්කරු පිරිසත් සමඟම භාර දීම සිදු වුණා. නමුත් රජයේ පාලනය යටතේ මේ වන විටත් රජ්‍ය වැවිලි සංස්ථාව සහ ජනවසම යටතේ පවතින  වතු සම්පූර්ණයෙන් පෞද්ගලික අංශය වෙත ලබා දීමට රජය සැලසුම් කර තිබෙනවා .2017.11.23වනදා   අමාත්‍ය මණ්ඩල පත්‍රිකායක් ඉදිරිපත් කර තිබෙනවා මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගින් පැහැදිලි කරලා තියෙනවා."

ඔහු තව දුරටත් සඳහන් කළේ, ලූල්කදුර වත්තේ හෙක්ටයාර් 20 ක ඉඩම් කොටසක් එක් හෙක්ටයාරයක් වසරක රුපියල් 4000 කබද්දකට වසර 30කට බදු දී ඇති බවයි.නමුත් මෙම වතුවල ස්ථීරව ජීවත් වන ජනතාවට තවමත් අසාධාරණයන් සිදු වන බවද ඔහු කීහ.

වසර 200 ක ඉතිහාසයක් ඇති මෙම ජන සමූහයට තවමත් ඉඩමක අයිතිය තහවුරු කර නෑ. නකල්ස් රක්ෂිතය ආශ්‍රිතව ඇති ඉඩම් විශාල ප්‍රමාණයක් සංදාරක හෝටල් සඳහා ලබා  දෙමින් පවතින පවත් මෙනිසා  එම ප්‍රදේශවල විශාල පාරිසරික විනනාශයන් සිදුවන බවත් ඔහු කීය.  ඒ වගේම අක්කර 500 ක පමණ කුකුළු ගොවිපළක් ආරම්භ කිරීම සඳහා ඉඩම් පෞද්ගලික අංශයකට ඉඩම් ලබා දීමට උත්සාහයකුත් තිබෙනවා. වතු ජනතාවට පර්චස් හතක ඉඩමක් ලබා දෙන බවට ලිපියක් ලබා දුන්ද තවමත් බොහෝ පිරිසකට තමන්ගේ ඉඩම තියෙන තැනවත් දන්නේ නැති බවද ඔහු කිය. සජිත් ප්‍රේමදාසමහතා ජනතාවට පර්චස් 20 ක ඉඩමක් ලබා දී නිවසකුත් ලබා දෙන නමත් වතු ජනතාවට ඉඩමක් තිබෙන බවද ලිපියක් පමණක් ලබා දී ඇති බවත් ඔහු තව දුරටත් කීය.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය වැවිලි සංස්ථාවේ හිටපු සාමාන්‍යාධාකාරිවරයෙකු වන මෙම ව්‍යාපාරාට් අනුශාසක  බුද්ධි ජයසූරිය මහතා  මෙසේ කීය.

"වතුකරය පටන් ගත්තේ 1867 දී 1972 /75 කාලයේ ජනසතු කළා.  රාජ්‍ය වැවිලි සංස්ථාව සහ  ජනතා වතු සංවර්ධන මණ්ඩලය කියල රජයේ ආයතන දෙකක් ඇති කළා. මෙම වතු ජනසතු කරන කාලය වන විට මෙම වතු ජරාජීර්ණ වෙලා තිබුණා. මෙලෙස ලබා ගත් රජයේ ආයන දෙක තුලද තව දුරටත් මේ වතු ජරාජීර්ණ වුණා. 1992/95 කාලය තුල නැවත වරන් පෞද්ගලීකරණයක් කළා. එදා ඉඳලම රජයන් බැලුවේ මේ වතු කාටහරි දීලා අත හෝදාගන්න.92, 95 කාලයේදි වතු සමාගම්වලට දෙන කොට දුන්නේ මළු වත්ත පිටින් එතකොට සේවකයොත් ඒකට ඇතුලත් වුණා. නමුත් දැන් පර්චස් හතකට ඔවුන් කොටු කරල අවට සියලු දේ සමාගම්වලට දෙන්න හදනවා. ඒ නිසා මේ මිනිස්සුන්ගේ ජීවිතවලට විශාල අනතුරක්. ඔවුන්ට වැඩ කරන්න වත්තක් නැති නිසා ජීවනාපෝය සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. මේ වතු ගොඩනැගීම සඳහා රජයට සැලැස්මක් නැති බවත් තමන් මේ සඳහා විකල්ප සැලැස්මක් ඉදරිපත් කළත් රජය එයට රජයේ ඉහළ පිළිගැනීමක් ලැබුණත් තවමත් එයට පිළිතුරක්  නෑ"

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාවේ මුල්ම තේ වත්තත් සමාගමකට දීමේ සූදානමක්
ලංකාවේ මුල්ම තේ වත්තත් සමාගමකට දීමේ සූදානමක්
http://am.lk/media/k2/items/cache/2125e4ea7def2c641a8ec6971e22e196_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_56.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_56.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy