ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයක් අතුරතුර රාජ්‍ය දේපළවලට හානි කළැයි කියන සිද්ධියකට අදාළව අධිකරණයේ පෙනීසිටි භික්ෂූන් වහන්සේ සිව් නමක් රුපියල් ල...
ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයක් අතුරතුර රාජ්‍ය දේපළවලට හානි කළැයි කියන සිද්ධියකට අදාළව අධිකරණයේ පෙනීසිටි භික්ෂූන් වහන්සේ සිව් නමක් රුපියල් ලක්ෂ එකහමාරක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ, කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (03) නියෝග කළාය.
මෙලෙස ඇප මත මුදා හැරුණේ බෙන්ගමුවේ නාලක හිමි, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, මාගල්කන්දේ සුදන්ත හිමි, මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි යන ස්වාමින් වහන්සේ ඇතුළු සැකකරුවන් ය.
එම හිමිවරුන් සිව්දෙනා අද පෙරවරු 9.15ට පමණ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ. ඒ අනුව එම නඩුව අද පෙරවරු 11.30ට පමණ කැඳවනු ලැබීය.
ඉකුත් 2017 වර්ෂයේ දී සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හත් දෙනෙකු සම්බන්ධයෙන් කරුණු අනාවරණය වන බවට කොල්ලූපිටිය පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණේ පසුගිය සිකුරාදා දිනයේදීය.
එහිදී පොලිසිය කළ කරුණු සැළකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කරනු ලැබිණි.
එසේම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස හඳුනාගෙන සිටි අගුලූගල්ලේ සිරි ජිනානන්ද හිමියන්ගේ වරෙන්තුව නැවත කැඳවීම පසුගිය සිකුරාදා දින සිදුවිය.
COMMENTS