මියන්මාරයේ රැන්ගුන් මුහුදු සිමාවේ පාවෙමින් තිබු විශාල නැවක් පිළිබඳව එරට පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ. මීටර් 177 කට වඩා දිගින් ...
මියන්මාරයේ රැන්ගුන් මුහුදු සිමාවේ පාවෙමින් තිබු විශාල නැවක් පිළිබඳව එරට පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.
මීටර් 177 කට වඩා දිගින් යුත් මෙම නෞකාව ඉන්දුනීසියානු ධජය සහිත එකක් වන අතර එය ” Sam Ratulangi PB 1600″ ලෙස නම් කර ඇති බව මියන්මාර පොලිසිය සදහන් කරයි.
නෞකාව තුල කිසිදු පුද්ගලයෙක් හෝ භාණ්ඩ නොතිබූ අතර මියන්මාර ධිවරයින් මිට දින කිහිපයකට පෙර මුහුදේ පාවෙමින් තිබු මෙම අද්භූත නෞකාව දැක ඒ පිළිබඳව ආරක්ෂක අංශ දැනුවත් කර තිබේ.
ජාත්‍යන්තර නැව් ගමනාගමනය පිලිබඳ දත්ත රැස් කරනු ලබන වෙබ් අඩවියට අනුව මෙම නෞකාව අවසන් වරට සිය ගමනාන්තය ලෙස සටහන් කර ඇත්තේ තායිවානයේදී වන අතර ඒ 2009 වසරේදීයි.
මියන්මාර බලධාරීන් සදහන් කරන්නේ මෙම නෞකාව තවමත් යාත්‍රා කළ හැකි හොද මට්ටමේ පවතින බවත් මේ ආකාරයෙන් අත්හැර දමා යාමට කුමන හෝ හේතුවක් ඇති බවයි.
නැව් ලියාපදිංචි කිරීමේ ජාත්‍යන්තර තොරතුරු වලට අනුව මෙය 2001 වසරේදී නිෂ්පාදනය කරන ලද එකක් වන අතර එය කන්ටේනර් බහාලුම් ප්‍රවාහනය සදහා යොදා ගෙන ඇති බවට හෙළිවී ඇත.
COMMENTS