අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සිටින තෙත් ක්‍රීඩා අමාත්‍යවරයෙකුට ක්‍රිකට් ක්‍රිඩාව කිරීමට ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහත...
අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සිටින තෙත් ක්‍රීඩා අමාත්‍යවරයෙකුට ක්‍රිකට් ක්‍රිඩාව කිරීමට ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
කටයුතු කරගෙනයාමට අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා ඇමති හෝ නැතිනම් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා බවට පත්කළ යුතු බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
සමහර ක්‍රීඩකයන් ෆේස්බුක් ගිණුම් තුන හතර සාදාගෙන සිටින බවත් එම ෆේස්බුක් ගිණුම් මඟින් මඩ ගසන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
ක්‍රිකට් ක්‍රීඩාව තේරීම් කමිටුවට බාරදිය යුතු බවත් තමාට කවුරුන් සිටියද ගැටළුවක් නොමැති බවත් ඡන්දයකින් නිවැරදි පුද්ගලයින් පත් කරන ලෙසද අමාත්‍යවරයාගෙන් ඉල්ලාසිටියේය.
අද ක්‍රීඩකයන් කණ්ඩායම්වලට බෙදී ඇති බවත් ක්‍රීඩකයන්ට අමානුෂික විදිට අපහාස නොකරන ලෙසද මන්ත්‍රීවරයා ඉල්ලාසිටියේය.
COMMENTS