නේපාලයේ පැවති සිව් වන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව , එහි සභාපතිත්වය හිමි කර ගත් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිර...
නේපාලයේ පැවති සිව් වන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව , එහි සභාපතිත්වය හිමි කර ගත් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (02) රාත්‍රී යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය .
ඒ මහතා ඇතුළු දූත පිරිස නේපාලයේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් ඊයේ (02) රාත්‍රී 10.20 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙවර පැවති රාජ්‍ය නායක සමුළුවේ දී ඉදිරි වසර සදහා බිම්ස්ටෙක් සමුළුවේ නායකත්වය හිමි වීම විශේෂත්වයකි.
ජනාධිපතිවරයා ගුවන් යානයෙන් බැසීමෙන් පසු රතු පලස මතින් කටුනායක ගුවන් තොටුපොළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරි පරිශ්‍රය වෙත කැදවා ගෙන එනු ලැබීය .
ඉන් අනතුරුව එහිදී ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිසට සෙත් පතා සර්ව ආගමික වතාවත් සිදු කරන ලදී .
ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිළිගැනීමට විශාල මැති - ඇමතිවරුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ඉකුත් පසුගියදා (29) කටුනායක ගුවන් තොටුපොළෙන් නේපාලය බලා පිටත්ව ගොස් තිබුණි .
(කටුනායක ටී.කේ.ජී.කපිල )
COMMENTS