වැඩි වූ ඉන්ධන මිලට සාපේක්ෂව, බස් ගාස්තු සංශෝධන ජාතික ප්‍රතිපත්තියට අනුව ලබන සතියේ සිට අනිවාර්ය ලෙස බස් ගාස්තු ඉහළ දමන බව සමස්ත ලංකා පෞද්ගල...
වැඩි වූ ඉන්ධන මිලට සාපේක්ෂව, බස් ගාස්තු සංශෝධන ජාතික ප්‍රතිපත්තියට අනුව ලබන සතියේ සිට අනිවාර්ය ලෙස බස් ගාස්තු ඉහළ දමන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසයි.
එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කර ඇත්තේ ජාතික ප්‍රතිපත්තියට අනුව ඩීසල් පිරිවැය සියයට 4 කින් සංශෝධනය වන්නේ නම් බස් ගාස්තු සංශෝධනය පිළිබඳව තීරණයක් ගැනීමට බස් සංගම් වලට ද හැකියාව පවතින බවය.
කෙසේ වෙතත්, ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ පසුගිය මැයි මාසයේ සියයට 12.5 කින් බස් ගාස්තු සංශෝධනය වන අවස්ථාවේ කැබිනට් මණ්ඩලය විසින් එම ජාතික ප්‍රතිපත්තිය අහෝසි කළ බවය.
කෙසේ වෙතත්, මෙම වර්ෂය තුළ වරින්වර ඩීසල් මිල රුපියල් 24 කින් ඉහළ ගොස් තිබීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනය පිළිබඳව ප්‍රවාහන අමාත්‍යාංශයේ ද අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.
ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ වනවිට විදෙස්ගතව සිටින බැවින් ඔහු දිවයිනට පැමිණි පසු මේ පිළිබඳව තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.
අදාළ ගාස්තු සංශෝධනය පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ද අවධානය යොමුව ඇති බව වෘත්තීය සංගම් සඳහන් කළේය.
COMMENTS