වත්මන් රජයේ නිසි සැලැස්මක් නොමැතිකම හේතුවෙන් ජනතාවට පීඩා විදීමට සිදුව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ගාල්ල මාජුවාන ශ්‍ර...
වත්මන් රජයේ නිසි සැලැස්මක් නොමැතිකම හේතුවෙන් ජනතාවට පීඩා විදීමට සිදුව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ගාල්ල මාජුවාන ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේබව සඳහන් කළේය.
ගාල්ල මාජුවාන ශ්‍රී පුෂ්පාරාම පුරාන විහාරයේ ප්‍රතිසංස්කරණය කරනලද චෛතයේ කොත නිරාවරනය කිරීම සිදුකෙරුනේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
එහිද අදහස් දැක්වු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ විරැකියාව වැඩි වි ඇති අතර සංවර්ධනය ඇනහිට අති බවයි.
එමෙන්ම බැංකු පද්ධතියද කඩා වැටි ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
පසු ගිය ආණ්ඩුව ගත් ණය හේතුවෙන් රටේ ආර්ථිකය කඩා වැටි ඇති බවට තමන්ට චෝදනා කළ ද තම ආණ්ඩුව සමයේ නිසි කළමනාකරණයකින් කටයුතු කළ බවත් වාරික ගෙවීම් සිදු කළ බවත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම වත්මන් ආණ්ඩුවද විදේශ ණය අරගෙන ඇතත් මේ වන තෙක් බොක්කුවක්වත් ඉදිකර නොමැති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අවස්තාවට ගිහි පැවිදි බොහෝ පිරිසක් එක්ව සිටියේය.
COMMENTS